EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Vijetha (2018) | ජීවිත පෙරළිය !

ශ්‍රීනිවාස රාඕ, රාම් තාත්තල පුතාල, ශ්‍රීනිවාස රාඕ තමන්ගෙ පුතාට පණ වගේ ආදරෙයි. පොඩි කාලේ ඉදන්ම එයා ආස කරපු දේවල් ඉල්ලුවේ නැතත් අවශ්‍යතාවය මොකද්ද කියල දැනගෙන ඒක අරගෙන දීල එයාව සතුටින් තිබ්බා. ශ්‍රීනිවාස රාඕගෙ ආශාව ජායාරූප ශිල්පය ඒකෙන් ඉහළ තැනකට එන්න තමයි එයා සිහින මැව්වේ. ලැබුණ රස්සාවත් එපා කියල තමන්ගෙ සිහිනය හඹාගෙන යන්න අදිටන් කරගෙන ඉද්දි දවසක් එයාට වෙන හදිසි අනතුරක් නිසා සේරම හේදිලා ගිහින් යාලුවා ගෙනාපු රස්සාවට යන්න සිද්දවෙනවා. ඒකට හේතුවෙන්නේ සිදුවුණ අනතුරෙන් පුතාගේ හිසේ අභ්‍යන්තර ලේ වහනයක් වෙලා සැත්කමට තම මුලු සේසතම යටකරල ණය වෙන්න සිද්දවුණ නිසා. ඔහොම කාලය ගෙවීගෙන ගිහින් රාම් ලොකු වෙලා යාලුවෝ විස්ඩම් කොලේජයට ඇතුළත් වෙන නිසා කොලේජයට ඇතුලත් කරන්නත් ශ්‍රීනිවාස රාඕ ණය වෙලා හරි කටයුතු කරනවා. රාමුත් ඉගෙන ගත්ත එකෙන් රස්සාවක් කරන්න හෙව්වට ගැලපෙන රස්සාවක් හම්බවෙන්නෙ නැහැ. ඔය අතරෙම ශ්‍රීනිවාස රාඕගෙ දුවට කසාදයන් හෙව්වට ඒව හරියන්නෙ නැත්තෙ දෑවැදි ප්‍රශ්න නිසා. ඔය අතරෙම රාම්ගෙ ඉස්සරහ ගෙදර කෙල්ලට ලයින් දාන්නත් රාම් පටන් ගන්නවා. ඔය අතරෙ දවසක් ඉස්සරහ ගෙදර කෙල්ලගෙ අම්මගෙ පොඩි කාලෙ සිද්දියක් නිසා රාම් යාලුවන්ට අදහසක් ගේනවා මිනිසුන්ගෙ හිතේ තියෙන පුංචිම ආශාවක් ඉෂ්ට වුණත් එයාල කොයි තරම් සන්තෝෂයට පත් වෙනවද…ඇයි අපි ඒක වෘත්තියක් විදියට කරන්නෙ නැත්තෙ කියල.යාලුවෝ කට්ටියම කතාවෙලා “සප්‍රයිස් ප්ලෑනර්ස්” කියල සමාගමකුත් පටන් ගෙන වැඩ කීපයක්ම අරගෙන කළත් ඒවා සාර්ථක වෙන්නෙ නෑ. පස්සෙ කට්ටියම කල්පනා කරගෙන ඉද්දි ඉස්සරහ ගෙදර ගෑණු ළමයා ඇවිත් රාම්ට පැහැදිළි කරල දීල අලුත් වැඩකුත් භාර දෙනවා.

ඔන්න එතනින් පටන් ගන්න මෙයාලගෙ ජීවිතේ වෙනස් වෙන ආකාරය රාම්ගෙ බලාපොරොත්තු, ශ්‍රීනිවාස රාඕගේ සිහිනය, ශ්‍රීනිවාස රාඕගේ දියණියගේ විවාහය මේ දේවල් එකිනෙකට ගලාගෙන ආකාරය Drama ගණයට අයත් IMDb අගය 6.6 අරගෙන තියෙන 2018 ජූලි 11 වෙනිදා තිරගතවීම ඇරැඹූ මෙය පැය 2 කුත් විනාඩි 11ක් පුරා දිවෙන මෙම තෙලුගු ෆිලුමෙන් ලස්සනට විස්තර වෙනවා.

Comments