EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Wanted (2008) | පිය උරුමය ඝාතනය ද?

2008 ලොව පුරා තිරගත වුන මේක IMDB 6.7ක් ලබාගෙන තියනව. ඒ වගේම ඔස්කා සම්මාන 2කට නාම යෝජනා වෙන්න තරම් හොද නිර්මානයක්. ලොව පුරා $341,433,252 ක Boxs Office ආදාමයක් උපයපු මේ නිර්මානය Hitman / Assassin ගණයේ චිත්‍රපට අතර වැඩිම ආදායමක් ඉපයූ 4වැන්න ලෙස ඉහළින්ම රැදෙනව. ඒ ආදායම හා ප්‍රේක්ෂක ප්‍රතිචාර.

ඔන්න එහෙනම් Wanted ගැන. මේක අපිට සිනමා පටයක් විතරක් වුනාට මේක ඇමරිකාවෙ කෙටි විහිළු කතා පොතක් ලෙස පල වුන එකක් (comic book miniseries). මේක සිනමාවට ගේන්නෙ Timur Bekmambetov ඔහුට පිටපත සාදා දෙන්නෙ Chris Morgan, Michael Brandt, හා Derek Haas කියන උදවිය. රංගනය නම් නම් ටික කිව්වම ඇති James McAvoy, Morgan Freeman, Angelina Jolie, Terence Stamp වගේ කට්ටියක්.

වැල්වටාරම් ගොඩක් කිව්ව. දැන් කතාවට එමු. වෙස්ලි ගිබ්සන් කියන්නෙ තරුණයෙක්. ඔහු රැකියාව කරන්නෙ මහා උඩඟු ප්‍රධානියෙක් ලග හැම වෙලාවෙන එයා මේ තරුණයට අපහාස උපහාස කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒ මදිවට පෙම්වතිය පවා මේ තරුණයාට ද්‍රෝහී වෙනව. ඔහුට වෙලාවකට හිතෙනව ඔහුට යන්තම් සතියක් වයස වෙනකොට පියා අතහැරල ගියේ පරාජය තමන්ගේ ඇස් දෙක තුලින් ඔහු දැක්ක නිසාද කියල. හිතාගන්න පුලුවනේ ඒ පරාජිත මානසිකත්වය. නමුත් ඉතින් හැම දෙයක්ම වෙනස් වෙන මේ ලෝකයේ වෙස්ලිගේ ජීවිතය වෙනස් නොවී තියෙන්නෙ නැහැ. මේ තරුණයා මාසනික පීඩනයෙන් මිදෙන්න බෙහෙත් පවා පාවිච්චි කරනව. ඔන්න දවසක් දා රෑ බෙහෙත් ශාලාවේදී හමුවන අත්භූත කාන්තාවක් ඔහුට කියනව ඔහුගේ පියා අතීශූර ඝාතකයෙක් බව. ඒ වගේම ඔහු දිනකට පෙර මරා දමා ඇති බව….. ඒ මොහොතේම එතන සිදුවීමක් වෙනව වෙඩි වරුසාවක් කොහොම හරි අර කාන්තාව එක්ක ගිබ්සන් පණ බේරගන්නව. ඇය ඔහුව රැගෙන යනවා…….

ඔය ඇති. මෙහෙම කතාවක් කියනව කියන්නේ ඒක ඔබට කරන ලොකු අපරාධයක්. ඉතින් එහෙනම් සිංහල උපසිරැස එක්කම බලන්නකෝ.

Comments