CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3538 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • test
When Evil Lurks (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

When Evil Lurks (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 05, 2023Argentina99 Min.
Your rating: 0
6.8 10 votes
When Evil Lurks (2023) | නපුර සැඟව සිටින කල… (18+)

2023 වසරේ සැප්තැම්බර් 13 වැනිදා නිකුත් වුණු අලුත්ම ත්‍රාසජනක ගණයේ හොල්මන් චිත්‍රපටයක් වන When Evil Lurks (2023) නැමැති සිනමා පටයයි. Demián Rugna විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ මේ ස්පාඥ්ඥ චිත්‍රපටය, IMDb දර්ශකයේ 7.1/10 අගයක් ලබාගන්නට සමත් වුණා. ඒවගේම Rotten Tomatoes වෙබ් අඩවියේ සමස්තයක් ලෙස ලැබුණු ප්‍රතිචාර 87කින්  99%කම ධනාත්මකව ලබාගෙන, සාමාන්‍ය අගය 7.8/10ක් වාර්තා කරන්නට සමත් වුණා.

2021 වසරේ  Sitges Pitchbo උළලේදී, එනම් Filmarket Hub සහ Sitges Film Festival එක්ව සංවිධානය කෙරුණු ජාත්‍යන්තර තෝරාගැනීමේ උත්සවයකදී, When Evil Lurks හි තිර පිටපත දෙවැනි ස්ථානයට තේරී පත් වීමට සමත් වුණා. අනතුරුව Shudder සමාගම සහ La Puerta Roja සමාගම් විසින් මෙය ඇමෙරිකානු-ආජන්ටිනා ජාත්‍යන්තර සම නිෂ්පාදනයක් ලෙස නිෂ්පාදනය කෙරුණු අතර මේ Shrudder සමාගම විසින් නිෂ්පාදනය කෙරුණු පළමු ස්පාඥ්ඥ භාෂා චිත්‍රපටය ද වනවා. 2022දී මෙහි රූගත කිරීම් සිදුකෙරුණා.

රංගන ශීල්පීන් සහ ශිල්පිනියන්

Ezequiel Rodriguez පෙඩ්රෝ යුසුර්ලෝ ලෙසින්
Demián Salomon 
ජයිමි යුසුර්ලෝ ලෙසින්
Silvia Sabater 
මිර්තා ලෙසින්
Luis Ziembrowski 
ආමන්ඩෝ රුයිස් ලෙසින්
Marcelo Michinaux 
සන්තිනෝ යුසුර්ලෝ ලෙසින්
Emilio Vodanovich 
ජයිර් යුසුර්ලෝ ලෙසින්
Virginia Garófalo 
සබ්‍රිනා ලෙසින්
Paula Rubinsztein 
සාරා ලෙසින්
Lucrecia Nirón Talazac 
විකී ලෙසින්
Isabel Quinteros  
මාරියා එලීනා ගෝමස් ලෙසින්
Desirée Salgueiro 
ජිමෙනා රුයිස් ලෙසින්
Federico Liss  
ලියනාඩෝ ලෙසින්

මේ චිත්‍රපටයේ කතාව ගැන කිව්වොත් මේකේ තියෙන්නේ පිටිසරබද ගම්මානයක සිදුවෙන කතාවක්. එක් දවසක රෑ පෙඩ්රෝ සහ ජයිමි කියන මැදිවියේ සහෝදරයන් දෙදෙනාට ගම්බද කැලයක් ආසන්නයේ වෙඩි හඬ දෙකක් අසන්නට ලැබෙනවා. රාත්‍රියේ ඒ ගැන විමසන්නට යාම නුවණට හුරු නැතැයි සිතන ඔවුන් උදේ පාන්දරම ඒ ගැන විමසන්න කැලයට යනවා. ඔවුන්ට හමුවෙන්නේ මිනිසෙකුගේ දෙකඩ වුණු මළසිරුරක යටි කය කොටස. ඒ ගැන සොයමින් යන ඔවුන් අසළ පිහිටි කුඩා නිවෙසක් වෙත ගමන් කරනවා. එහි ජීවත් වුණේ මාරියා එලීනා නම් මහලු කාන්තාවක් සහ ඇයගේ පුතුන් දෙදෙනායි. ඔවුන් දෙදෙනා අතරින් ඇයගේ වැඩිමහල් පුතු වන යුරියෙල් සිය සයනයෙහි ආසදිතව කුණු වී ගිය සිරුරින් යුතුව අඩනිරුවතින් වැතිර සිටින්නේ, භෞතිකව ඉපදීමක් අපේක්ෂා කරන නූපන් යක්ෂයෙක් ඔහුගේ සිරුරට ආවේශවී සිටින නිසයි.

මේ යක්ෂයා මිනිසුන්ට ආවේශ වන අතර අනතුරුව ඔවුන්ගේ සිරුරු කුණු වීමට සලස්වා එයින් භෞතිකව උපත ලබන්නෙක්. එවැනි ආසාදිත පුද්ගලයෙක් ඝාතනයට ලක් කළ හොත් එයින් වඩා බිහිසුණු ප්‍රතිපල ඇතිවන අතර මරා දැමුණු තැනැත්තාව නපුර විසින් ඝාතනය කෙරෙනු ලබනවා. කැලයෙන් හමු වුණු මළසිරුර ගැන මාරියා එලිනා, එනම් යුරියෙල්ගේ මව කියන්නේ, ඒ මිනිස් මළ සිරුරු කොටස, යුරියෙල් මරා දමා ඔහු තුල සිටින යක්ෂයා අනෙක් අයට ආවේශ වීම වළක්වන්නට පැමිණි, ‘පිරිසිදු කරන්නෙකු’ගේ බවයි.

මේ පැතිර යන ආපදාව ගැන බලධාරීන්ට දැනුම් දුන්නත් ඔවුන් ඒ ගැන කිසිම තැකීමක් නොකරන්නේ, ඒ තමුන්ගේ ප්‍රශ්නයක් නොවන බව සලකමින්. මින්පසු, සහෝදර දෙදෙනා ඔවුන්ගේ ඉඩම් හිමියා වන ආමන්ඩෝ රුයිස්ව හමුවන අතර, ඔහු යුරියෙල්ව ගමෙන් ඈත ස්ථානයකට ගෙන යා යුතු යැයි යෝජනා කරන්නේ, අනෙක් අයටත් අදාළ යක්ෂයාගේ බලපෑම බෝ වීම වැළක්වීමේ අරමුණින්. තිදෙනාම එක්ව ඇඳ ඇතිරිලි පිටින්ම යුරියෙල්ව ඔසවාගෙන, රුයිස්ගේ ට්‍රක් රථයට දමාගෙන ඉවතට ගෙනයනවා. පැය ගණනක ධාවනයෙන් පසුව, එක්වරම ඔවුන්ගේ වාහනයට හසුවන්නට යන කුඩා දරුවෙක්ව බේරීමට ඔවුන් සමත් වෙනවා.

තවත් දුර ගොස් ට්‍රක් රථයේ පිටුපස පිරික්සන ඔවුන් දකින්නේ, යුරියෙල් අතුරුදන්ව ඇති බවයි! ගම්මානයෙන් සැතපුම් සිය ගණනක් ඈතට යුරියෙල් ගෙන ආ නිසා ප්‍රශ්නය අවසන්ව ඇතැයි තීරණය කරන ඔවුන් යළි නිවෙස් බලා පැමිණෙනවා. සියල්ල එතැනින් අවසන් වනු ඇතිද? පසුදින ඔවුන්ට දැනගන්නට ලැබෙන අනපේක්ෂිත ප්‍රවෘත්තිය කුමක්ද? යක්ෂයාගේ බලපෑමෙන් ගැලවීමට විවාහයෙන් පසු වෙන්ව වෙසෙන සිය බිරිඳ සහ දරුවන් වෙත යන පෙඩ්රෝට ඔවුන්ව නපුරෙන් ගලවා ගන්නට හැකි වනු ඇතිද? නගරයෙන් ඈතට දරුවන් ද රැගෙන පලා යන ඔවුන්ට හමුවන මාර්තා නම් ගුප්ත ස්ත්‍රිය කවුද? ඔවුන්ට නපුර පරාජය කරන්නට හැකි වේද?  එහෙම නම් තවත් වැඩි විස්තර නැතිව ලිපිය අවසන් කරනවා. චිත්‍රපටය නරඹලම ඉතුරු ටික දැනගන්න පුළුවන්.

නපුර ළමයින්ට ආදරෙයිළමයි නපුරටත් ආදරෙයි.
එහෙත් තවදුරටත්  ළමයි නම් නෙවෙයි!”

 

මෙහි සංවේදී දර්ශන සහ නිරුවත් දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්. 

When Evil Lurks (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
When Evil Lurks (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
When Evil Lurks (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
When Evil Lurks (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
When Evil Lurks (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
When Evil Lurks (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
When Evil Lurks (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
When Evil Lurks (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රබුද්ධ කේසර විතානගේ (Baiscopelk)
IMDb 7 /10 9,601 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Final Destination (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Beach Rats (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Godfather Part 3 (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Freakier Friday (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Reptile (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
She’s Out of My League (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Insidious (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Doom (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Black Phone (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
181 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Final Destination (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl Next Door (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published