EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Wingwomen (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageWingwomen (2025) | “ නිදහස සොයා ”
“Wingwomen” කියන්නේ පැය එකයි මිනිත්තු පනස් පහක ධාවන කාලයක් හිමි IMDb 5.7 ක් සහ කුණු තක්කාලි 79% ක අගයක් ලබාගත්තු Netflix චිත්‍රපටයක්.. Melanie Laurent අධ්‍යක්ෂණයෙන් French චිත්‍රපටයක් විදිහට නිකුත් වුණ මේ නිර්මාණයට පාදක වෙලා තියෙන්නේ ‘La Grande Odalisque’ කියන නවකතාව. Action, Comedy, Drama, Heist, Crime Fiction, Thriller සහ Mystery කියන Genres ගණනාවකටම මේ චිත්‍රපටය ඇතුළත් වෙනවා.
කතාව මෙහෙමයි.. කැරොල් සහ ඇලෙක්ස් කියන්නේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකාවෝ දෙන්නෙක්.. හොරකම් මැරකම් වගේ එක එක ව්‍යාපෘති වල මේ දෙන්නා වැඩ කරනවා.. දෙන්නටම Gun Skill එක හොඳටම තියෙනවා සහ විශේෂයෙන්ම ඇලෙක්ස්ට මැෂින් ගන්, ස්නයිපර් එහෙම සෙල්ලම් බඩු වගේ.. කොහොමහරි කාලයක් යද්දි මේ දෙන්නට මේ තැනින් තැනට කරදර අස්සේ ගෙවෙන විඩාබර ජීවිතේ එපා වෙනවා.. කලකිරෙනවා.. ඒ අස්සේ කැරොල් දැනගන්නවා එයාගේ බඩේ දරු පැටියෙක් ඉන්නවා කියලා.. මේ හින්දා මේ දෙන්නට මේ කලබලකාරී ජීවිතෙන් ඈත් වෙන්න ලොකු අවශ්‍යතාවයක් එනවා.. කොහොමහරි මේ දෙන්නගේ සංවිධානයේ බොස් විදිහට මේ කතාවේ විස්තර වෙන්නේ ‘GodMother’ කියන ගැහැණු කෙනා.. මම මේකේ ‘මෑණියෝ’ විදිහට එයා විස්තර කරනවා.. මෙයා ලොකු බලයක් තියෙන කෙනෙක්.. කැරොල් එයාලට මේකෙන් අයින් වෙන්න ඕන කියලා කියනකොට බොස් කැමති වෙන්නේ නෑ.. ඒ වෙනුවට කමක් නෑ කියලා අන්තිම වතාවට කරන්න මෙහෙයුමක් මේ දෙන්නට බාරදෙනවා.. මේ මෙහෙයුම කරන්න මේ දෙන්නට අතිදක්ෂ Formula ධාවන ක්‍රීඩිකාවක් වෙන “සෑම්” හම්බෙනවා.. ඉතින් මේ තුන්දෙනා “ඇබ්නර්” කියන තව පුද්ගලයෙක් එක්ක සැලසුම් කරනවා මෙහෙයුම.. මේ මෙහෙයුම තමා පෞරාණික කන්‍යාරාමයක තියෙන වටිනා කැන්වස් චිත්‍රයක් හොරකම් කරන්න.. ඉතින් මෙයාලට මේ මෙහෙයුම සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? පොරොන්දුවේ විදිහට මේක අන්තිම මෙහෙයුම වෙයිද? මෙයාලා බලාපොරොත්තු වෙන සාමකාමී ජීවිතේ ගතකරන්න මෑණියෝ ඉඩදෙයිද? ප්‍රශ්න වලට උත්තර චිත්‍රපටයේ තියෙනවා..










