CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2530 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Wonka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Wonka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 06, 2023United States117 Min.
Your rating: 0
9 63 votes
Wonka (2023) | විලී වොන්කා
    Chocolate Factory Complete Collection
  1. Charlie and the Chocolate Factory (2005)
  2. Wonka (2023)

සුභ දවසක් හැමෝටම! ඔන්න මේ ලෑස්ති වෙන්නේ කෙල බේරෙන චිත්‍රපටියක් බලන්නයි. මුලින්ම උපසිරසිය ගේන්න පරක්කු වුණාට සමාව ඉල්ලනවා. පහුගිය 20 වෙනිදා තමා වොන්කා චිත්‍රපටිය අන්තර්ජාලයට නිකුත් වුණේ. කෝකටත් කියලා මම චිත්‍රපටියේ පසුබිම ගැන පොඩි විස්තරයක් කරන්නම්.

විලී වොන්කගේ අරුම පුදුම චොක්ලට් කම්හල ගැන මුලින්ම චිත්‍රපටියක් නිකුත් වෙන්නේ 1971 වර්ශයෙදී. ඒ Willy Wonka And The Chocolate Factory නමින්. කතාවෙ ප්‍රධාන චරිතය විලී වොන්කා උනත් වැඩි අවදානයක් දීලා තිබුණේ චාලි බකට් කියන දරුවට. Mel Stuartගේ අධ්‍යක්ෂණයෙන් යුක්ත වෙච්ච ඒ චිත්‍රපටියේ Gene Wilder, Peter Ostrum, Paris Themmen කියන නළු නිලියෝ රංඟනයෙන් දායක වෙලා තියෙනවා. ඒවගේම ඩොලර් මිලියන 4ක BOX OFFICE ආදායමක් ලබාගෙන තියෙනවා. සම්මාන අතින් ගත්තොත් හොඳම සංගීතකරණය වෙනුවෙන් සහ හොඳම ප්‍රහසන, සංගීතමය නළුවාට හිමි සම්මානයත් මෙම චිත්‍රපටය ලබාගෙන තියෙනවා. ඒ නිසාම අතිශය ජනප්‍රියත්වයක් චිත්‍රපටියට හිමිවෙලා තියෙනවා.

එතනින් අවුරුදු 35කට විතර පස්සේ Charlie and the Chocolate Factory නමින් ජොනී ඩෙප් රංගනයෙන් දායක වෙන චිත්‍රපටියක් 2005දී නිකුත් වෙනවා. ඒක අපි හැමෝම බලලා තියෙන මතකයේ රැඳුණු සුන්දර චිත්‍රපටියක්. Helena Bonham, Freddie Highmore, AnnaSophia Robb වගේ තවත් නළු නිලියන් රංගනයෙන් දායක උන මේ චිත්‍රපටියත් BOX OFFICE ආදායම අතින් ඩොලර් මිලියන 475ක ලොකු ප්‍රමාණයක් ලබන්න සමත් වුණා. සම්මාන අතින් ගත්තොත් 25කට වැඩි ගාණක් ලබන්නත් සමත් වෙලා තියෙනවා.

මේ විදියට විලී වොන්කා සහ චොක්ලට් ෆැක්ටරියේ මතකය වියැකී යන්න නොදී බේරගැනීමේ උත්සාහයක් Paul King අධ්‍යක්ෂකවරයා විසින් අරගන්නවා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ වොන්කා චිත්‍රපටිය. විලී වොන්කගේ චරිතය පාදක කරගෙන නිර්මාණය උන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය Timothée Chalamet විසින් රඟදක්වනවා. ඒ වගේම අපි කවුරුත් ආදරය කරන මිස්ටර් බීන්ගේ චරිතයට පණ පොවපු Rowan Atkinson මේ චිත්‍රපටියට රංඟනයෙන් දායක වෙනවා. ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Fantasy/Musical ගණයටයි.

ඉහළ දකුණු පසේ ඉඳන් වමට පිළිවෙලින් 1971, 2005 සහ 2023 වර්ශයන් වල වොන්කා චරිතය දැක්වෙනවා. කාලයක් තිස්සේ විලී වොන්කා කියන මාතෘකාව ගැන හුඟක් ෆෑන් තියරීස් එහෙමත් නැත්නම් ප්‍රේක්ෂකයන්ගේ මත ඉදිරිපත් වෙලා තිබ්බා. ඒ අතරින් එක මතයක් වුණේ විලී වොන්කා කියන්නේ ළමා දාම ඝාතකයෙක් කියන කතන්දරය. හැබැයි ඒක අමූලික බොරුවක් බව මේ චිත්‍රපටයෙන් පෙන්නුම් කරලා තියෙනවා. චිත්‍රපටියේ කතාව ගත්තොත්: කතාව පටන් ගන්නේ වොන්කගේ චොක්ලට් කම්හල ආරම්භ වෙන්න කලින් සිද්ධ වෙන සිදුවීම් දාමයෙනුයි. විලී වොන්කා කියන තරුණයා තමන්ගේ පුංචි හීනය වෙන චොක්ලට් කඩයක් විවෘත කරගන්න ගැලරීස් ගෝමට් වලට පිය නගනවා. හැබැයි එහෙදි එයාට නොහිතපු විදියෙ සිදුවීම් සිද්ධ වෙනවා. එයාට ප්‍රතිවාදියෝ මුණගැහෙනවා. පරක්කු වෙලා තියෙන අඩස්සියේ කතාව ගැන මෙතනින් එහාට මොකුත් කියන්නේ නැහැ. එහෙනම් මම සමුගන්නවා. හැමෝටම ජය වේවා!

    Chocolate Factory Complete Collection
  1. Charlie and the Chocolate Factory (2005)
  2. Wonka (2023)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම බුවනක නිර්මාණ (Baiscopelk)
IMDb 7.2 /10 75,406 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Paul King
Director

Cast

Keegan-Michael Key isChief-of-Police
Chief-of-Police
Hugh Grant isOompa-Loompa / Lofty
Oompa-Loompa / Lofty
Paterson Joseph isArthur Slugworth
Arthur Slugworth
Olivia Colman isMrs. Scrubbit
Mrs. Scrubbit
Tom Davis isBleacher
Bleacher
Jim Carter isAbacus Crunch
Abacus Crunch
Rowan Atkinson isFather Julius
Father Julius
Matt Lucas isProdnose
Prodnose

Similar titles

Vidaamuyarchi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original Quality Update
Siruthai (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellraiser (2022) Sinhala Subtitles
Mean Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadhalikka Neramillai (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Majnu (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Misfits (2021)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuttey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tourist Family (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amar Akbar Anthony (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Switch (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
(Tillu)²  | Tillu Square  (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published