CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Yes Man (2008) | හැම දේටම yes කියන්න පුරුදුවෙන්න

හ්ම්ම්ම්… මේක ෂෝක් ෆිල්ම් එකක්. ඔයාල අනිවාර්යෙන් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ මට නම්. මොකද මම ගොඩ කාලෙකින් තමයි බැලුවෙ ජීවිතේට යමක් එකතු කරගන්න පුලුවන් ෆිල්ම් එකක්. ඇත්තටම ලස්සන නිර්මාණයක්. ඒ වගෙම ලස්සන කතාවක්. මම කතාවෙන් ටිකක් කියන්නම් ඔයාලට තේරුම්න් ගන්න පුලුවන් වෙන ගානට විතරක්. එක්තරා ආයතනයක වැඩ කරන පුද්ගලයෙක් සාමාන්‍ය පුද්ගලයෙක් තමයි මේකෙ ප්‍රධාන චරිතය. ඔහු ජීවිතයේ බොහේ දේවල් ප්‍රතික්ෂේප කරනව. විනෝද වෙන්න යන්නේ නෑ, අනුන්ට උපකාර කරන්නේ නෑ, ඒ වගේම ඔහු සතුටින් ජීවත් වෙනව වගේ හිතුවත් ඔහු සතුටින් නෙවෙයි ජීවත් වෙන්නෙ. මේ අතරෙ ඔහුට යාලුවෙක් කියනව Yes Man කියල වැඩසටහනක් ගැන. අකමැත්තෙන් වුනත් මොහු ඒ වැඩසටහනට සහභාගී වෙනව. හැම දේටම ‘ඔවු’ කියල වගකීම් බාරගෙන සතුට්න් ජීවත් වෙන හැටි එතනදි මේ කතානායකය ඉගනගන්නව. ඇත්තටම ඔහුගේ ජීවිතේ වෙනස් වෙනව එතන ඉදන්. ඔහු බොහොම ක්‍රියාශීලී පුද්ගලයෙක් බවට පත් වෙනව. කතාව මම කිව්වට වඩා ගොඩක් හිතට දැනෙනව ඒක බලනකොට. පුලුවන් නම් බලන්න. ඔයාලගෙ ජීවිතයටත් යමක් එකතුකරගන්න ලැබෙන බව නම් මට සහතිකයි.

Comments

May 14, 2025

Tnk u