EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Jatin Bajaj, Laxman Utekar
Cast
Go Full Cast PageZara Hatke Zara Bachke (2023) | සිංහල උපසිරැසි සමඟ
Zara Hatke Zara Bachke (2023) Sinhala Sub
Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitle
Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitles
2023 ජුනි මස 02 වෙනි දින සිනමාශාලා වලට මුදා හැරීමෙන් අනතුරුව වසරකට ආසන්න කාලයක් OTT නොදී තියාගෙන සිටි Zara Hatke Zara Bachke හින්දි චිත්‍රපටය අද දින අන්තර්ජාලයට මුදා හැරුණා. මේ චිත්‍රපටය බොහෝ දෙනා අතරට එන්නේ, මෙහි තියෙන කන්ටෙන්ට් එක නිසා නෙවෙයි. ඒ මෙහි අන්තර්ගත ගීතයක් නිසා. ඒ තමයි “Tere Vaaste” කියන ගීතය. මෙම ගීතය සඳහා බොහෝ කවර් ඩාන්ස් වගේම ටික් ටොක් වීඩියෝ හැඳුනා. ඒ වගේම තේරුමක් රහිතව උවද හොඳට විදින්න පුළුවන් ගීතයක්.
ඉතිං මේ චිත්‍රපටයේ කථාව දෙසට හැරුණම, කපිල් සහ සෞම්‍යාගෙ දෙවෙනි විවාහ සංවත්සර දිනයෙන් තමයි ඇරඹෙන්නෙ. මෙයාල විවාහ වෙල අවුරුදු 02ක් ගියත්, මෙයාලට තියෙන ප්‍රශ්නෙ තමයි නිදහස් ගෙයක් නැති එක.
තියෙන ගෙදරත් කිසිම පෞද්ගලික නිදහසක් නෑ. ඉතිං මේ දෙපල ගෙයක් ගන්න එක වටේ තමයි මේ මුළු කථාවම දුවන්නේ.
ඉතිං ගෙදරක් ගන්න ගියාම ලේසි නෑ, ඒ වටේ ඇති වෙන හුඟක් ප්‍රශ්න දාම එක්ක, මේ අයට ඊට මුහුණ දෙමින්, ඒවට යොදන්න වෙන උපක්‍රම ගැන තමයි මේ කථාවෙන් ගලන් යන්නෙ. ඉතිං විනෝදකාමී ආදරණීය ෆිල්ම් එකක් විදියට තමයි හඳුන්වන්න පුළුවන් වෙන්නෙ මේ චිත්‍රපටය. ඉතිං ලබනවා නම් ගැහැණියක් මේ වගේ පොළවෙ පය
ගහන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනා.
එහෙනම් “”ටිකක් අයිනට වෙලා, ටිකක් පරිස්සමින්“” බලමු.



