EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Zebra (2024) | “සල්ලි වෙනුවෙන් තරඟ වදින ජීවිත”

 

ආදායම් වාර්තා කෙසේ වෙතත් සත්‍යදේව් කියන්නේ කාලෙන් කාලෙට තෙලුගු සිනමාව වෙනස් වෙනස් මාන වලට ගෙනියන නළුවෙක්.. ඉතින් ක්‍රිෂ්ණම්මා ෆිල්ම් එකෙන් පස්සේ 2024 අවුරුද්දේ සත්‍යදේව් ගේ ආපු දෙවෙනි ෆිල්ම් එක තමයි මේ සීබ්‍රා..

ඊෂ්වර් කාර්තික්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මේ චිත්‍රපටය පැය 2යි මිනිත්තු 44 කට ධාවන කාලයක් හිමි මේ සීබ්‍රා ෆිල්ම් එකේ පිරිවැය ගැන සදහනක් නැතත් මෙහි බොක්ස් ඔෆිස් ඇස්තමේන්තු ආදායම ඉන්දියන් රු.කෝටි 8.25 කට ආසන්නයි. ඇක්ෂන් – ත්‍රිලර් – ක්‍රයිම් ශානරය යටතේ දිවෙන මේ සීබ්‍රා ෆිල්ම් එකට සුභවාදී ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙලා තියෙනවා බලාගන්න පුළුවන්

සීබ්‍රා බලද්දි.. තෙළුගු / කන්නඩ / දමිළ මේ සිනමා ක්ෂේත්‍ර තුනේම සම්මිශ්‍රනක් වගේ ඔයාලට දැනෙයි.. මොකද ධනන්ජය, සත්‍යරාජ්, සුනිල්, ගරුඩ රාම් වගේ පෙරලිකාර චරිත රැසකට මේ කතාවෙ ඉඩ හසර වෙන් වෙලා තියෙනවා අපිට බලාගන්න පුළුවන්.. ඒවගේම චිත්‍රපටයේ සිංදු 4ක් අන්තර්ගත වෙනවා. මේ ෆිල්ම් එකේ සංගීත අධ්‍යක්ෂණය කරන්නෙත් කන්නඩ පැත්තෙන් KGF වල පවා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක උනු රවී බසෘ‍ර්

තුන්වෙනි ඇහෙන් බැලුවොත් මිනිස්සු සතුටින් තියන්නත් දුකින් තියන්නත් හේතුවෙන එකම දේ සල්ලි… මේ ෆිල්ම් එකෙන් එළියට දෙන්නෙ හොද ආදර්ශයක් ද.. නරක ආදර්ශයක් ද කියලා මම දන්නෙ නෑ.. ඒක බලන ඔයාලගේ දෘෂ්ටි කෝණය අනුව එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්..

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Satyadev – [සූර්යා]

Priya Bhavani Shankar – [ස්වාති]

Dhanajaya – [ආධි]

Amrutha Iyengar – [ආරාධ්‍යා]

Sathyaraj – [බාබා]

Sunil – [ගුප්‍තා]

සූර්යා කියන්නේ බැංකු සේවයෙක්.. ඒවගේම ඔහු පෙම්වතෙක්.. සූර්යාගේ පෙම්වතියත් බැංකුවක වැඩ කරන කෙනෙක් ඒ තමයි ස්වාති.. ස්වාති සහ සූර්යා බැංකු දෙකක තමයි වැඩ කලේ.. වගේම ස්වාති මාරු වීමක් හදාගන්න යන්න ඔන්න මෙන්න තියෙද්දි හිතන්නෙවත් නැති ප්‍රශ්නයක පැටලෙනවා. ඒ තමයි බැංකු ගණුදෙනුකරුවෙක් බැංකුවට ගෙනත් දෙන ලක්ෂ 4ක මුදලක් ස්වාතිගෙ අත් වැරදීමකින් වෙනත් ගිණුමකට මාරු වීම. ඉතින් සූර්යා මේ ප්‍රශ්නය විසදන්න මැදිහත් වීම එක්ක මේ ප්‍රශ්නය බැරෑරුම් තැනකට යනවා.

මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..

Comments

January 3, 2025

720 p වල භාගයක් බලනකොට ස්ටක් වෙනවා 😔අයියෝ..ලැප් එකට දැම්මා එකෙත් එහෙමයි පොන් එකෙත් එහෙමයි..😔

January 8, 2025

❤️👍