Dabba Cartel (2025) TV Series | Season 01 | Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-07 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageමෙම වසරේ Netflix ඔස්සේ නිකුත් වුණ දමිළ සිනමාව, මලයාලම් සිනමාව සහ හින්දි සිනමාව නියෝජනය කරනා ප්‍රභල නළු නිළි පිරිසක් රංගනයෙන් දායකත්වය ලබා දුන් කාන්තා මූලික නිර්මාණයක් වුණ Dabba Cartel (2025) වෙනුවෙන් සිංහල උපසිරසි අරගෙනයි අලුත් අවුරුදු දා මං බයිස්කෝප් වෙබ් අඩවිය පැත්තට ගොඩ වැදුනේ.
කතාව ගැන කියනවා නම් රාජි කියන්නේ තානේ වල ජීවත් වන තරුණියක්. ඖෂධ සමාගමක සේවය කරන තමන්ගේ සැමියා වුණ හරී එක්ක ඖෂධ සමාගමට අයත් නිවාස සංකීර්ණයක ජීවත් වන අතරතුරෙදි ඒ නිවාස සංකීර්ණයේම නිවාස වල සේවය කරන ගෘහ සේවිකාවක් වුණ මාලා එක්ක එකතු වෙලා කෑම පෙට්ටි (ඩබ්බා) ව්‍යාපාරයක් කරගෙන යනවා. රාජිගේ කෑම පෙට්ටි ව්‍යාපාරය කරන අතරතුර අනපේක්ෂිත විදියට රාජි සහ මාලා මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ගේ ව්‍යාපාරයක කොටස් කාරයින් වෙනවා. මේ ඔස්සේ දිග ඇරෙන කතාව වගේම ඖෂධ සමාගමක සිදුවන බරපතල ගනයේ අපරාධයක්ද මේ Dabba Cartel අතරතුරෙදි දැකගන්න පුළුවන් වෙනවා.
ඉතින් අද නිවාඩු දවසේ රාජිගේ වගේම මාලාගේ ජීවිත වල මේ සිද්ධ වෙන හැලහැප්පීම් දැක බලා ගන්න කියලා මතක් කරනවා.












