CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Devil May Cry (2025) TV Series | Season 01 | Complete

Devil May Cry (2025) TV Series | Season 01 | Complete

Apr. 03, 2025
Your rating: 0
10 8 votes

TV Series Info

ඇනිමෙ රසික හැමෝටම මේ වතාවේ ඇනිමෙ එකක් නොවන සුපිරි ඇනිමේෂන් කතා මාලාවකට උපසිරැසි අරගෙනයි ඒ ෆැන්ටසියට මේ එන්නේ. මේක ඇවිත් නම අහපු ගමන් ආ මරුනෙ, වීඩියෝ ගේම් සීරීස් එක නම් සුපිරියක් කියන තැනින් පැටිකිරිය දිග ඇරෙන ජාතියේ කතාවක්. ඔව්, ඒ නම තමයි Devil May Cry. ජපාන වීඩියෝ ක්‍රීඩා සමාගමක් වෙන Capcom වෙතින් නිකුත් කරපු Devil May Cry franchise එක ඇසුරෙන් තමයි මේ කතා මාලාව නිර්මාණය කරල තියෙන්නෙ. ඒ වගේම මේ කතාවේ නිර්මාතෘ වෙන්නෙ ඉන්දියානු තිර පිටපත් රචකයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වගේම වැඩසටහන් නිර්මාණකරුවෙක් වෙන Adi Shankar. මොහු දායකත්වය සැපයූ නිර්මාණ අතර Castlevania, Castlevania Nocturne, The Guardian of Justice, Captain Laserhawk:A Blood Dragon Remix යන ඇනිමේෂන් කතා මාලා සහ Dredd, The Gray, Lone Survivor යන හොලිවුඩ් චිත්‍රපට සඳහන් කරන්න පුලුවන්.

මේ වසරේ අප්‍රේල් 3 වන දා, මිනිත්තු 21-32 ත් අතර දිවෙන මුළු කොටස් 8 කින් යුතුව Devil May Cry කතා මාලාව නිකුත් කෙරුනා. Netflix හරහා ඉංග්‍රීසි බසින් නිකුත් වූ මේ කතාවේ ඇනිමේෂන් නිෂ්පාදන කටයුතු දකුණු කොරියානු ඇනිමේෂන් ස්ටූඩියෝවක් වෙන Studio Mir සිද්ධ කරල තිබෙනවා. Devil May Cry කතා මාලාව මේ වෙද්දි IMBD දර්ශකයේ 7.5 ක අගයක් සහ Rotten Tomatoes හි 96% ක අගයක් ලබාගනිද්දී කතාව යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගෙන තියෙනවා.

කතාවේ ආරම්භක තේමා ගීතය වෙන “Rollin” ගීතය Limp Bizkit කණ්ඩායම perform කරද්දී, Devil May Cry වලටම අනූන නාද රටා සමඟින් නවතම ගීත රටා Power Glove නම් music composer කණ්ඩායම සිද්ධ කරනවා. ඒ වගේම ජනප්‍රිය ගායිකාවක් වෙන Evanescenes තම ගීතයකින් Devil May Cry හැඩගන්වනවා. ඒ ගීතයත් මේ කතාවට Goosebuming Music vibe එකක් ලබා දෙන බවට සැක නැතුව කියන්න පුලුවන්. ඒ වගේම සෙසු නාද රටාත් ඔබව කිසි සේත්ම පහළ හෙලන්නේ නැති බව කිව යුතුමයි.

මිනිස් ලෝකයේ මිනිසුන් අතර රහසේ ජීවත් වුනු යක්ෂයින් සහ ඒ යක්ෂයින්ව දඩයම් කරන්න Demon Hunters හෙවත් යක්ෂ දඩයක්කරුවන් සමාජයේ ජීවත් වෙන යුගයක, ඇමෙරිකාවේ එක තැනක White Rabbit හෙවත් සුදු හාවා නමින් හඳුන්වා ගත්තු යක්ෂයෙක් එක පාරම මතු වෙනවා. නමේ විදිහට මේ යක්ෂයාට හාවෙකුගේ මුහුණකින් යුතු වුනා වගේම මනුස්සයෙක් වගේ දෙපයින් ඇවිදින්නත් කතා කරන්නත් පුලුවන් වුනා. මොහු හොයන්නෙ එක්තරා විශේෂ භාණ්ඩ දෙකක් විතරයි. එකක් Sword of Demon Knight Spada හෙවත් ස්පාඩාගේ කඩුව. අනික Amulet හෙවත් සුරය. හැබැයි මේ සුරය දෙකට වෙන කරලා කොටස් දෙකක් විදිහටයි තියෙන්නෙ. ඒ එක කොටසක් මෙ සුදු හාවා ළඟ තිබුනා. අනිත් සුර කොටස සහ කඩුව තමයි හාවාට නැතුව ඉන්නෙ. ඒ වගේම මේ වස්තූන් දෙක සහශ්‍ර ගානක් අතීතයේ ඉඳලම පැවතගෙන ආපු වස්තූන් දෙකක්. ඒ වගේම මේ වස්තු දෙක එක්තරා විශේෂ කාරණාවකට තමයි පාවිච්චි කරන්නෙ. අන්න ඒ කාරණාව සම්පූර්ණ කරන්න යනකොට තමයි අපිට කතාවේ චරිතය කරලියට අවශ්‍ය වෙන්නෙ.

Devil May Cry වීඩියෝ ක්‍රීඩා මාලාවේදි අපිට හමුවෙන “ඩාන්ටේ” (Dante) කියන යක්ෂ දඩයක්කරුවාගේ නම මේකට පැටලෙන්නෙ මෙන්න මෙතනදි තමයි. ඩාන්ටේ රටේ ඉන්න දක්ෂ වගේම පිස්සු, පිස්සු කිව්වට එක්තරා විදිහක විනෝදකාමී යක්ෂ දඩයක්කාරයෙක්. මම කලින් කියපු විශේෂ කාරණාවට අනුව මේ ඩාන්ටේවත්, අර ඉතිරි වස්තු දෙකත් සුදු හාවා හොයනවා. යක්ෂයෙක් කිව්වට සුදු හාවත් අපි දකිනවට වඩා ආගන්තුක අභිරහස් චරිතයක් කියල කිව්වට වරදක් නෑ. සුදු හාවා ඇයි ඒ වගේ චරිතයක් වෙන්නෙ? සුදු හාවා මේ පුරා වස්තු හොයන්නෙ ඇයි? ඒවයින් කෙරෙන විශේෂ කාරණාව මොකක්ද? ඩාන්ටේව මේකට පැටලෙන්නෙ කොහොමද? ඩාන්ටේ කියන්නෙ කවුද? යක්ෂයෙක් එක්ක යක්ෂ දඩයක්කරුවෙක්ගේ හමුවීම කොහොමද?

මෙන්න මේ ප්‍රශ්න රැස එක්ක Devil May Cry ඇනිමේෂන් කතා මාලාව අපිට නරඹන්න පටන් ගන්න පුලුවන්. මුලදී සඳහන් කළා වගේ කතාව Devil May Cry video game franchise එක මූලාශ්‍ර කරගත්තා වුනත් කතා මාලාව game franchise එකේ සිදුවීම් වලටම 100% ක්ම සමාන නෑ. Game එකම ඇනිමේෂන් එකක් විදිහටම බලන එකේ වෙනසකුත් තියෙන්න ඕනිනෙ. හැබැයි game එකෙ අපි දකින චරිත මේ කතාවෙත් ඉන්නවා. හැබැයි කතාව වෙනුවෙන් නිර්මාණය කරල තියෙන සතුරු චරිතය මේ කතාවේ රසය තවත් වැඩි කරනවා කියල නම් මට පෞද්ගලිකව කියන්න පුලුවන්. ඉතින් ලේ නෑවෙන ක්‍රියාදාම ගොන්නක් එක්ක මේ Devil May Cry එහි නමේ විදිහටම කතාව දිව යන බව සහතිකවම කියන්න පුලුවන්. එහෙනම් ඩාන්ටේගේ වික්‍රමයන් සමඟින් බලන්න ආරාධනා කරන​වා.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Devil May Cry (2025) TV Series | Season 01 | Complete
Devil May Cry (2025) TV Series | Season 01 | Complete
Devil May Cry (2025) TV Series | Season 01 | Complete
Devil May Cry (2025) TV Series | Season 01 | Complete
Devil May Cry (2025) TV Series | Season 01 | Complete
Devil May Cry (2025) TV Series | Season 01 | Complete
Devil May Cry (2025) TV Series | Season 01 | Complete
Devil May Cry (2025) TV Series | Season 01 | Complete
Devil May Cry (2025) TV Series | Season 01 | Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 7.976 186 votes
First air date Apr. 03, 2025
Last air date Apr. 03, 2025
Seasons S01 Complete
Average Duration tt15716776 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Video trailer

Similar titles

I Am Groot (2022) TV Series Season 01 Complete
Ninja Kamui (2024) TV Season 01 EP01-13 | Complete
War of the Worlds (2019-2022) TV S01 & S02 Complete
Gen V (2023) S01 | EP01-08 Complete
The Village (2023) S01 Complete
Knuckles (2024) TV S01 EP 01-06   | Incomplete
Superman & Lois (2023) TV Series | Season 01 | 02 | 03 |S04 |  EP01-07 | Incomplete
Silo (2023) TV Series | Season 01 & 02 | Complete
Teacup (2024) TV Season 01 Complete
Daredevil: Born Again (2025) TV Series | Season 01 | Complete
Solo Leveling (2024) TV S01 & S02 Complete
Cyberpunk: Edgerunners (2022) TV | Season 01 | With Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published