Dupahiya (2025) TV Series | Season 01 | Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-09 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast PageAmazon Prime Video මගින්ම කලින් නිකුත් කල පංචායට් කතා මාලාව ඔබ නරඹන්න ඇති. කොටස් තුනකින් සමන්විත වූ මේ ලස්සන කතා මාලාව ඔබ රස වින්දා නම් නම් මේකත් ඒකට බොහෝ සෙයින් සමාන කතා මාලාවක්. මධ්‍ය ප්‍රදේශ්හි බෝපාල් ආශ්‍රිත පුලේරා නම් කල්පිත ග්‍රාමයක තරුණ පංචායට් ලේකම් වරයෙක් සහ ගම් වැසියන් අතර ඇති වෙන අපූරු සුන්දර සම්බන්ධතාව පංචායට් කතාන්තරයට මුල් වෙනවා. මේ කතාවත් බෝපාලය ආශ්‍රිත තවත් කල්පිත ගම්මානයක් වන දඩක්පූර් පාදක කර ගත් කතා පුවතක්. තාමත් නාගරීකරණයට ලක් නොවුනු ඉතා සුන්දර කුඩා ගම්මානයක් වන දඩක්පූර් වාර්ථාවක් අභියස සිටිනවා.දඩක්පූරය වසර 25ක් තිස්සේ අපරාධ කිසිවකින් තොර ගම්මානයක් ලෙස රිදී ජුබිලිය සමරන්න ලෑස්තියි, ඒ වෙනුවෙන් ගමට කුසලානයක් මෙන්ම ගමේ දිගුකාලීන අවශ්‍යතාවයක් වන පිරිසිදු පානීය ජලය සහිත ළිඳක් ලබීමට නියමිතයි. ඒ විතරක් නොවෙයි ගමේ ප්‍රධානියා වන පුෂ්පලතා නෝනාට ප්‍රදේශයේ පංචායට් එකේ සභාපති අපේක්ෂිකාව ලෙස නාමයෝජනා ලැබීමට නියමිතයි.
ගමේ ගුරුවරයෙකු වන බන්වාරි ජී ගෙත් ප්‍රාර්ථනා දෙකක් තිබෙනවා. තාවකාලික ගුරුවරයෙකු ලෙස විසි අවුරුද්දක් කටයුතු කල තම තනතුර ස්ථීර කර ගැනීම සහ තම දියණිය රෝශ්නිගේ විවාහය. මෙන්න විවාහ යෝජනාවක් එනවා. එක ගලෙන් කුරුල්ලො දෙන්නම බිම දා ගන්න පුළුවන් වගේ. මනාලයාගේ පියා මගින් කසාදයත් එක්කම තමාගේ රස්සාවත් ස්ථිර කර ගන්නත් හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ කසාදෙට එයා උනන්දුයි. කොහොම උනත් රෝශ්නිගෙ කැමැත්ත යන්නේ මනමාලයාට නෙමෙයි මල්ලීට. ඒ ඇයගේ නගරයට යාමට තිබෙන ආශාව නිසා. ඒ සමගම ඉහළ දාන දෑවැදි ඉල්ලීම අනුව අලුත්ම මාදිලියේ බයිසිකලයක් එහෙමත් නැත්නම් ඉන්දීය ව්‍යවහාරයට අනුව බුලට් එකක් ලබා දෙන්න ඔවුන්ට සිදු වෙනවා. ඉතිං කතාව යන්නේ මේ ලබා දෙන බුලට් එක සම්බන්ධයෙන්. ඒ සමගම දඩක්පූර් වල අපරාධ තොර වාර්ථාව අවාදානමකට ලක්වීමේ සිදු වීමක් ඇති වෙනවා. කුසලානය, ළිඳ, සභාපති කම ලැබෙයිද? ඒ වගේම බන්වර් ජී ගුරුතුමාගේ රැකියාව ස්ථිර වෙයිද? දියණියගෙ කසාදය කෙරෙයිද? දඩක්පූර් රිදී ජුබිලිය සමරයිද? ඒක්ම දැන ගන්න අද සිට මේ කතාංග 9 ම බලන්න වෙයි.
සෝනම් නායර් අධ්‍යක්ෂණය කරන මේ කතා මාලාවේ තිර පිටපත ශ්‍රීනිවාස අවසරාලා ගේ.ගජ්රාජ් රාවෝ,රේණුකා සහානේ,ස්පාර්ශ් ශ්‍රීවාස්ථාවා, භූවන් ආරෝරා වැනි නලු නිළියන් රාශියක් ඔබට දැක ගන්න පුළුවන්. ඔවුන් ඉදිරියේදී හඳුනා ගනිමු.
ඉතිං සරල සුන්දර අහිංසක ගමක ගම් වැසියන්ගෙ ලස්සන හාස්‍ය රසය පිරි කතා පුවතක් අද සිට නරඹන්න පටන් ගන්න. ඉතිං බලා ඉන්න
- 1
Bambai Mar. 07, 2025 - 2
Chor Nahi Chikaar Mar. 07, 2025 - 3
Oh Mere Jija Ji Mar. 07, 2025 - 4
Kanoon Ke Haath Mar. 07, 2025 - 5
Piyo Magar Pyaar Se Mar. 07, 2025 - 6
Ullu Mat Bolna Mar. 07, 2025 - 7
Ulta Chor Kotwal Ko Dante Mar. 07, 2025 - 8
Bhootpurv Premi Mar. 07, 2025 - 9
Atmanirbhar [S01 Last Episode] Mar. 07, 2025






