Dynamite Kiss (2025) – එකම එක හාදුවකින් උඩුයටිකුරු වුණු ජීවිතේ!
Dynamite Kiss කියන්නේ 2025 වසරේ නිකුත් වුණු, හිනාව වගේම කුතුහලයත් පිරුණු අමුතුම ආදර කතාවක්.

කතාව ගැන බැලුවොත්, අවුරුදු ගාණක් රස්සාවක් නැතුව දුක් විඳින, හැමදාම ඉන්ටවිව් ෆේල් වෙන ගෝ දා-රිම් ගේ කතාව තමයි මේක. තමන්ගේ නංගිගේ වෙඩින් එකට එන්න එපා කියලා නංගිම දා-රිම්ට ජේජු දූපතට යන්න ටිකටුයි නවතින්න හොටෙල් එක්කුයි බුක් කරලා දා-රිම්ට ඒක අවුල් උනත් එයා ඒක පෙන්නන්නේ නැතුව ඒ ගමන යන්න කැමති වෙනවා. අන්න එහේදී තමයි දා-රිම්ට එයාගේ පරණ බෝයිෆ්‍රෙන්ඩ්ව මුණ ගැහෙන්නේ. ඉතින් එයා ඉස්සරහ නෝන්ඩි නොවී ඉන්න දා-රිම් පොඩි බොරුවක් කරනවා… “තමන්ට දැන් අලුත් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා” කියලා!

ඔන්න ඔය වෙලාවේ දා-රිම්ට අහම්බෙන් මුණගැහෙන, සල්ලි තියෙන හැඩකාර ඒ වගේම ටිකක් අහංකාර තරුණයෙක් වෙන ගොං ජි-හ්‍යොක් ව දා-රිම් තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් විදිහට හඳුන්වලා දෙනවා. හැබැයි මේ බොරුව ඇත්තක් වගේ පෙන්නන්න ගිහින් එකපාරටම සිද්ධ වෙන අමුතුම දේකින් මේ දෙන්නගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

ඒ දේ තමයි මේ කතාවේ හැරවුම් ලක්ෂය වෙන ‘ඩයිනමයිට් කිස්’ එක!

My Dearest සහ Hospital Playlist කතාවලින් හැමෝගෙම ආදරේ දිනාගත්ත ආන් ඉයුන්-ජින් (Ahn Eun-jin)

හැමෝම ආදරේ කරන ජැං කි-යොං (Jang Ki-yong)

මේ දෙන්නා එකතු වෙන මේ කතාවේ, දා-රිම්ගේ මේ අහිංසක බොරුව නිසා ඉස්සරහට මොන වගේ දේවල් සිද්ධ වෙයිද? මේ අහම්බෙන් සිද්ධ වුණු කිස් එක නිසා මේ දෙන්නට ඇත්තටම ආදරේ හිතෙයිද? නැත්නම් හැමදේම අවුල් වෙලා යයිද?

සල්ලි, බොරුව සහ ආදරය මැද දෝලනය වෙන මේ ලස්සන කතාව අවසානය වෙනකම් නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා!

සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ නිමාෂා රත්නායක විසින්.

Comments

February 10, 2026

Ithuru tikath ikamanata dannkooo

February 18, 2026

dan godak dawas idan balan innee. ithuru episode tika dannakooooooooooooooooooooooo

February 21, 2026

Ithuru epi tika dennakoo

February 24, 2026

Thank you sub walata. Ithuru tikath dennako

February 27, 2026

anee kathawa nawaththapu thana amathaka wenakam godak dawas ganne nathuwa ikmanata ithru episode tikath dannaakooooooooo

March 1, 2026

long weekend eke balanna ithuru episode tika dannakooo ada ikmanataa

March 2, 2026

Please ithuru episode okkma tika dennako ikamata

March 5, 2026

Ade mechchara kal ganne ai ithuru tika denna???