![Indian Police Force (2024) TV S01 EP01-07 [Complete]](https://cinesubz.net/wp-content/uploads/2024/01/adAHp6OZp632mOrKLWCETyly2g7-185x278.jpg)

වකාන්ඩාව කියන්නේ ලෝකයෙන් සැඟවුණු, අති ප්‍රබල තාක්ෂණයක් තියෙන රාජධානියක් බව අපි හැමෝම දන්නවා. ඒත් වකාන්ඩාවෙන් පිටතට ගිය, එහි බලගතුම ලෝහය වන ‘වයිබ්‍රේනියම්’ වලින් නිර්මාණය වුණු අති භයානක පුරාවස්තූන් ගැන ඔබ දන්නවාද? ඉතිහාසය පුරාවටම, වකාන්ඩානු රණශූරයන් කණ්ඩායමක්, ලොව පුරා විසිරී ගිය මේ භයානක වයිබ්‍රේනියම් පුරාවස්තූන් වැරදි අත්වලට පත්වීම වළක්වන්න, ඒවා ආපසු සොයාගෙන එන්න රහස් මෙහෙයුමක නිරත වෙනවා. මේ කතාව ඒ නිර්භීත, ලෝකය රකින “වකාන්ඩාවේ ඇස්” ගැනයි.
Season 01 | Episode 01 – Into the Lion’s Den (සිංහ ගුහාවට)
කතාංගයේ සාරාංශය:
ඩෝරා මිලජේ කියන්නේ වකාන්ඩාවේ ප්‍රභලම ආරක්ෂක බලකාය. එහෙම බලකායකින් අයින් වෙච්ච දක්ෂ සාමාජිකාවකට, නැවතත් භයානක මෙහෙයුමක් පැවරුනොත්? ඇයට පැවරෙන මේ මෙහෙයුම තමා, වකාන්ඩාවට ද්‍රෝහී වෙච්ච, ‘සිංහයා’ (The Lion) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන තවත් වකාන්ඩානුවෙක්ව මෙල්ල කිරීම. ඇයට මේ “සිංහ ගුහාවට” ඇතුල් වෙලා, තමන්ගෙම ජාතියේ කෙනෙක්ව නවත්තන්න පුළුවන් වෙයිද?