Good American Family (2025) TV Series | Season 01 | Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-08 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
මම ඔයාලට අරන් ආවේ මේ වසරේ 2025 මාර්තු 19 ඉඳලා Hulu එකෙන් නිකුත් කරන් ගිය නතාලියා ග්‍රේස් කියන දරුවගේ සත්‍ය කතාව මත පදනම් වුණු ඇමරිකානු කෙටි රූපවාහිනී නාට්‍ය මාලාවක්. මේක කොටස් 8කින් සමන්විතයි. “ග්‍රේස් ඇනටොමි” නාට්‍යයෙන් ප්‍රසිද්ධ එලන් පොම්පියෝ තමයි ක්‍රිස්ටින් බානෙට්ගේ චරිතය රඟපාන්නේ. නතාලියා විදියට ඉමොජන් ෆේත් රීඩ් රඟපානවා.
ක්‍රිස්ටීන් බානෙට්, ඔටිසම් මන්ද මානසික තත්ත්වයන් ඇති ආබාදිත දරුවන්ව සුවපත් කර සමාජයට සාමාන්‍ය අයෙකු ලෙස මුදාහැරීමට හැකියාවක් තිබෙන කාන්තාවක්. මෙයා මේක කරගෙන යන්නේ ගෙදර. මෙයාට ඉන්නවා ඔටිසම් තියන දරුකමට හදාගන්න ගත්තු පිරිමි ළමයි දෙන්නෙක්. දවසක් මෙයයි මෙයාගේ මහත්තයයි තීරණය කරනවා මිටිකුරු බවක් සහිත නතාලියා ග්‍රේස් කියලා පුංචි ගැහැණු දරුවෙක්ව හදාගන්න. මොකද ක්‍රිස්ටීන්ගේ සැමියා මයිකල්ට තදින්ම උවමනා වුණා චූටී දුවෙකුව තමන්ගේ පවුලට. කාලයක් යනවත් එක්කම මෙයාලට තේරුම් යන්න ගන්නවා මේ ඉන්නේ පොඩි ළමයෙක් වගේ බොරුවට රඟපාන ලොකු වැඩිහිටි කෙනෙක් කියලා. ඒ විතරක් නෙවෙයි මේ කෙල්ල තමන්ගේ පවුලට අනතුරක් කියලත් ක්‍රිස්ටීන් වියරු වැටිලා හිතනවා.
මේක නම් සාමාන්‍ය කතාවක් නෙවෙයි. මේකේ කෝණ කිහිපයකින්ම කතාව පෙන්නනවා. මේ පවුලේ තිබ්බ ප්‍රශ්න, එයාලගේ හිතේ තිබ්බ බය, මේ ගැන නීතිමය පැත්තෙන් බලද්දි තිබ්බ අවුල් – මේවා ඔක්කොම මේකේ තියනවා. මිනිස්සු මේ ගැන හිතන විදිහයි, ඇමරිකාවේ අධිකරණ පද්ධතිය මේක දකින විදිහයි දෙකම මේකෙන් පෙන්නනවා. කොහොම වුණත් ඇත්ත මොකද්ද කියලා හිතන්න බැරි තරම් මේක පුදුම කතාවක්.
එහෙනම් මේ අමුතුම කතාව බලන්න පටන් ගන්න කියලා ඔයාලට ආරාධනා කරමින් මම සමුගන්නවා.
- 1
Almost Like a Prayer Mar. 19, 2025 - 2
Jump the Jitters Out Mar. 19, 2025 - 3
Ghosts Everywhere Mar. 26, 2025 - 4
Right There in Black and White Apr. 02, 2025 - 5
Too Hurty Without It Apr. 09, 2025 - 6
Not Today Satan Apr. 16, 2025 - 7
If You Tell a Story Well Enough Apr. 23, 2025 - 8
Blood on Her Hands [S01 Last Episode] Apr. 30, 2025










