Last Samurai Standing (2025) TV Series | S01 | Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-06 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
හිතන්න, ජපානයේ සුප්රකට ‘Shogun’ වගේ ඉතිහාස කතාවකට, ‘Squid Game’ වගේ මරුවා සමඟ කරන සෙල්ලමක් එකතු වුණොත් කොහොම තියේවිද? අන්න ඒ වගේ අලුත්ම අත්දැකීමක් අරගෙන එන්නයි Netflix ලෑස්ති වෙන්නේ. Last Samurai Standing කියන්නේ නිකම්ම නිකම් කතාවක් නෙවෙයි, ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙන මාරාන්තික තරගයක්.
මේ කතාව දිගහැරෙන්නේ 19 වෙනි ශතවර්ෂයේ අග භාගයේ, ජපානයේ සමුරායි යුගය අවසන් වෙලා යන කාලයක. රටේ බලය නැතිව, අසරණ වෙලා ඉන්න දක්ෂ සටන්කරුවන් 292 දෙනෙක්ට අභිරහස් ආරාධනාවක් ලැබෙනවා. ඒ, කියෝතෝ නගරයේ ටෙන්රියු-ජී පන්සලට එන්න කියලා.
මේ හැමෝම එතනට එකතු වෙන්නේ එකම බලාපොරොත්තුවකින්. ඒ තමයි, යෙන් 100 000ක (හිතාගන්නවත් බැරි තරම් විශාල මුදල් කන්දරාවක්) තෑග්ග දිනාගැනීම.
නීතිය සරලයි, ඒත් භයානකයි.
හැම සටන්කරුවෙක්ටම ලී පුවරුවක් (tag) ලැබෙනවා. තරගය තමයි, අනිත් අයගේ ලී පුවරු පැහැරගෙන, කියෝතෝවේ ඉඳන් ටෝකියෝවට පණ බේරගෙන යන එක. අන්තිමට ඉතුරු වෙන කෙනා තමයි ජයග්රාහකයා. මේ ගමනේදී තරගයෙන් ඉවත් වෙන්න බැහැ, තියෙන්නේ එකම එක ඉලක්කයක්: කොහොමහරි අන්තිමයා වෙනකම් ජීවත් වෙන එක.
මේ මාරාන්තික තරගයට එකතු වෙන ශුජිරෝ සාගා කියන ප්රධාන චරිතයටත් එයාගේම හේතුවක් තියෙනවා. තමන්ගේ ලෙඩ වෙලා ඉන්න බිරිඳවයි, දරුවවයි බේරගන්න සල්ලි හොයන්නයි එයා මේ මර උගුලට පය තියන්නේ.
ජපානයේ සුපිරි නළුවෙක් වන ජුනිචි ඔකාඩා තමයි ප්රධාන චරිතයට පණ පොවන්නේ. විශේෂම දේ තමයි, එයා නළුවෙක් විතරක් නෙවෙයි, මේ කතාවේ නිෂ්පාදකයෙක් සහ සටන් අධ්යක්ෂකවරයෙක් විදිහටත් වැඩ කරනවා. ඒ නිසා, සුපිරි ගණයේ සටන් ජවනිකා ටිකක් තියෙනවා.
ඉතින්, මේ මර උගුලෙන් අන්තිමටම බේරිලා, ඒ දැවැන්ත මුදල අරගෙන යන්නේ කවුරු වෙයිද?
තමන්ගේ පවුල වෙනුවෙන් සටන් කරන ශුජිරෝට ජයගන්න පුළුවන් වෙයිද?
මේ හැම ප්රශ්නෙකටම උත්තර දැනගන්න, Last Samurai Standing බලන්න වෙනවා.












