Mismatched (2020) TV Series | S01 | Complete
Year:2020
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-06 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageආයුබෝවන්! මම අද උපසිරැසි අරගෙන ආවෙ ඉන්දියානු වෙබ් කතා මාලාවක් වන Mismatched වෙනුවෙන්. මේ වැරදි ගැළපුම ගැන කියන්න කලින් මම කියන්නම් විවිධ පෞර්ෂයන් සහ වර්ණ අතර තියෙන සම්බන්ධය ගැන. අපේ පෞර්ෂයන් කෙනාගෙන් කෙනාට වෙනස්. සම වයස් යාළුවෝ ටිකක් අතර එක වගේ දෙන්නෙක් හොයන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්. අද ඉඳන් මම අරගෙන එන මේ කතා මාලාවේ එක් එක් කතාංගය ඉදිරිපත් කරන්නේ එක් එක් චරිත වලින්. දන්නවද? මේ එක එක විදියෙ පෞර්ෂයන් පෙන්නුම් කරන එක එක විදියේ වර්ණ තියෙනවා. පහළ ෆොටෝ එකේ තියෙන්නෙ ඒ විවිධ චරිත ලක්ෂණ නියෝජනය කරන වර්ණ.
මම මේ වර්ණ ගැන මුලින්ම කිව්වේ, මේ කතා මාලාවේ එන ප්‍රධාන කතා නායකයන් හය දෙනා හය විදියක් නිසා. ඒ තමයි රිෂී සින්ග් ෂෙකාවත්, හර්ෂ් අගර්වාල්, සෙලීනා මැතීව්ස්, නම්‍රතා බිද්සරියා, අන්මෝල් මල්හෝත්‍රා සහ ඩිම්පල් අහූජා.
මේ චරිත හයෙන් කතාව එකිනෙක අමුණන්නේ, රෝහිත් සරෆ්, විහාන් සමට්, මුස්කාන් ජාෆෙරි, දේව්‍යානි ෂෝරේ, තාරුක් රෛනා සමගින් ප්‍රජක්තා කෝලි. ඒ වගේම රන්විජය සින්හා, විද්‍යා, ක්‍රිතිකා, අභිනව් වගේම ප්‍රවීණ නිළි සුහාසිනී මුලෛ යන අය ද සෙසු චරිත වලින් එක් වෙනවා. 2020 නොවැම්බර් 20 නෙට්ෆ්ලික්ස් හරහා තමයි මෙය නිකුත් කළේ. තාරුණ්‍යයේ ලස්සන අත්දැකීම් එක්ක, ආදරය, මිත්‍රත්වය, තරඟකාරීත්වය, මත ගැටුම්, තාක්ෂණය වගේ ගොඩක් දේවල් වලින් හැඩ වුණු මේ කතාව නිර්මාණය වෙන්නේ සන්ධ්‍යා මෙනන්ගේ When Dimple Met Rishi යන නවකතාව පාදක කරගෙන. අධ්‍යක්ෂණය ආකර්ෂ් කුරාණා සහ නිපුන් ධර්මාධිකාරී ගෙන්.
ඉතින් ආරාධනා කරනවා ඔයාලට, පාට හයකින් හැඩ වුණු උපසිරැසියත් එක්ක, වෙනස් චරිත හයක් ඔස්සේ ගලාගෙන යන මේ ලස්සන, දඟකාර, ආදරණීය, තරඟකාරී යාළුවන්ගේ කතාව නරඹන්න කියලා.










