ONE PIECE (2023) TV Series | S01 & S02 Complete
Year:2023
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-08 ✅
Season 02 (Complete) ✅
Episode 01-08 ✅
Season 01 & 02 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast PageSeason 01
මේ අරගෙන ආවේ ලොව පුරාම උන්මාදයක් ඇතිකළ මන්ගා සිරිස් එකක්, Action, Adventure, Comedy, Drama, Fantasy කියන වර්ගයන්ට අයත් ලයිව් ඇක්ෂන් විධියට නිර්මාණය කරපු කතාවක්. නෙට්ෆ්ලික්ස්ලා මෑත කාලීනව එහෙම ඇඩප්ටේෂන් අනුභව කලාට, ආයේ කියන්න දෙයක් නැහැ මේක නම් මල් හතයි. ඒ වගේම අතීත සහ වර්තමාන කාල කලවම් කරපු වයිබ් එකක් තියෙන මුහුදු කොල්ලකාර කතාවක් වීම වෙනම ලස්සනක් අරගෙන එනව. එහෙනම් වැඩි දෙයක් නැතුව කතාවේ පසුබිම වෙත යොමුවෙමු. ලිපියේ පහලට යනකම් තියෙන්නේ ඇනිමි සහ ලයිව් ඇක්ෂන් චරිත අතර සමානතාවය. ඔයාලට තේරේවි මේකට හරියන පෙනුමේ නළු නිලියන් තෝරාගෙන තියෙන බව. එහෙනම් විස්තරය කියවමු. මේ විස්තරය අරගෙන එන්නේ බයිස්කෝප් උපසිරසිකරුවන්ගේ අංක එකේ වන් පීස් රසිකාවිය වෙන නවෝදනී සහෝදරිය. 🙂
නවෝදනී සොයුරියගේ ලිපිය
කොහෙන් කොහොම පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ. මුලින්මම කියන්න ඕන Live Action කිව්වම අනිවාරෙන් දෙපිරිසක් ඇති වෙනවා. බලන්නැතිව ලොකුකම් කියන අයයි තමන්ට ලැබෙන දේ ආදරෙන් වැළඳගන්න අයයි. මේ දෙගොල්ලොන්ටම බලන්න අද අරන් ආවේ මේ තාක් ආපු සියලුම Anime Live Action අතරින් අහන ඕන කෙ නෙක් හොඳම Adaptation එක විදියට පිළිගන්න සීරීස් එක අරගෙන.
ඇනිමෙ ප්‍රේක්ෂකයෙන් අතරින් අතිශයම ජනප්‍රිය ඇනිමෙ එක වගේම ලොව පුර වැඩිම වාර ගණනක් අලවි වුන ජපන් චිත්‍ර කතාව විදියට නම් දරණ One Piece කතා මාලාවේ Live Action Adaptation එකට තමයි අද අපි උපසිරසි අරන් ඇවිත් තියෙන්නෙ. LA එකකට හරවනවනම් අසීරුම කතාවත් මේක වෙන්න ඕන. ඒ සියලුම අභියෝග ජය අරගෙන කතාවෙ නිර්මාතෘ එයිචිරෝ ඕදා සෙන්සෙගෙ මැදිහත්වීමෙන් යුක්තව තෝරගත්ත නළු නිළියන් පිරිසක් දායකත්වයෙන් නිර්මාණය වුනු මේ සීරීස් එක අද හැමෝම කතා වෙන හැමෝම ආසාවෙන් නරඹපු කතාවක් බවට පත් වෙලා තියෙනවා.
මේකට පාදක වන චිත්‍ර කතාව ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම් මොකද ඇනිමෙ නොබලපු චිත්‍ර කතාව නොකියවපු විශාල පිරිසක් අද මේ සීරීස් එක නරඹන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිසා.
බලය, ධනය, කීර්තිය…. මේ සේරම අත්කරගත්ත කෙනෙක් තමයි ගෝල්ඩ් රොජර් කියන්නෙ. හැබැයි රොජර් කියන්නෙ මුහුදු මංකොල්ලකාරයෙක්, මුහුදු මංකොල්ලකාරයන්ගෙ රජු ලෙස නම් වුන මුහුදු මංකොල්ලකාරයෙක්. මුහුදු මංකොල්ලකාරයන් පිරුන මේ ලෝකයෙ නීතිය ආරක්ෂා කරන්නෙ Navy (නාවික හමුදාවයි). මේ නාවික හමුදාව එක අවස්ථාවක රොජර්ව අත්අඩංගුවට ගන්නවා. ලෝකයට පේන්න ඔහුව ප්‍රසිද්ධියෙ මරා දමනවා.
හැබැයි මරා දාන්න කලින් කෙනෙක් කෑ ගහලා රොජර්ගෙන් අහනවා “ඔයා හොයාගත්ත නිධන් කොහෙද තිබ්බෙ” කියලා. ඒකට රොජර් මෙහෙම උත්තර දෙනවා. “මං හොයාගත්ත නිධානෙ “වන් පීස්” ඒක මේ ලොකේ ශ්‍රේෂ්ඨම මුහුදෙ තියෙනවා.” ඒක හොයාගන්න ඔ්නම කෙනෙක්ට ඒ විශාල නිධානෙ අයිති වෙයි”. අන්න එහෙම, මුහුදු මංකොල්ලකාරයන්ගෙ මහා යුගය ආරම්භ වෙනවා. රොජර් දාලා ගිය “වන් පීස්” හොයන්න සිය දහස් ගණන් පිරිස් මුහුදු මංකොල්ලකරුවන් බවට පත් වෙලා මුහුදු යන්න ගන්නවා. ගොඩක් අය මුහුදු මංකොල්ල රජු බවට පත්වෙන්න හීන දකිනවා.
අන්න ඒ හීනෙම හිතේ තියාගෙන අවුරුදු 17 දි පොඩි කොල්ලෙක් මුහුදු යන්න පටන් ගන්නවා. ඒ තමයි අපේ ප්‍රධාන චරිතෙ මන්කි ඩී. ලූෆී. එයා තීරණය කරනවා එයාගෙ නැවට තවත් සාමාජිකයො එකතු කරගෙන එයා කවදහරි මේ ලොකේ තරණය කරලා වන් පීස් හොයාගෙන මුහුදු මංකොල්ල රජතුමා වෙනවා කියලා. එහෙම පටන් ගන්න ගමන ගොඩක් ලොකුයි. හැබැයි මේ Live Action එකේදි එයාගෙ ගමනෙ මුලාරම්භය තමයි එපිසෝඩ් 8 කින් අපිට මෙහෙම අරන් ඇවිත් තියෙන්නෙ.
ආරම්භයේදීම එක ආර්ක් (Arc) එකකට විතරක් සීමා වෙනවා කියන කීම මත ආරම්භ වෙච්ච මේ කතාව සීසන් 2කට අලුත් වෙයිද කියලා අපිට දැන්ම කියන්න බෑ, හැබැයි අනිවාර්යෙන්ම රිනිව් වේවි මේක සාර්ථක ප්‍රතිචාර ලබන නිසා. හැබැයි විශාල පිරිවැයක් මේ සීරීස් එක වෙනුවෙන් දරපු නිසා. සාර්ථක වීම මත වුනත් මේ වගේ දීර්ඝ, ප්‍රහේලිකා පිරුණ, ස්ථාන, චරිත පිරුණ කතාවක් Live Action එකකට හරවන එක කරන්න ලේසි දෙයක් නෙවෙයි. කොහොමහරි අවුරුදු 2ක් පුරා ගොඩක් අයගේ කැපවීම මහන්සිය මත අද මේ Live Action එක සාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා නෙට්ෆිල්ක්ස්ලා මේක අත්හරින එකක් නැහැ.
මං ඔයාලට ආරාධනා කරනවා මේ සීරීස් එක බලලා නවතින්නැතුව ඇනිමෙ එකත් රසවිඳින්න කියලා. අපිට ලැබෙන්නෙ එක ජීවිතයයි. ඇයි අපි මේ වගේ දෙයක් අත් නොවිඳ මැරිලා යන්නෙ? තීරණය ඔයාලාගෙ අතේ තමයි
Season 02
ඔන්න ඉතින් Cinesubz යාලුවනේ… 🏴☠️ අද අපි කතා කරන්නේ Netflix එකේ අතිශය ජනප්‍රිය වුණු Series එකක Season 2 ගැන — ඒ තමයි “One Piece: Into the Grand Line”! ගොඩක් අය අපෙන් මේ සීරීස් එක ගැන නිතරම ඉල්ලලා තිබුණු නිසයි, ඔයාලගේ ඒ ලොකු ඉල්ලීමට ප්‍රතිචාරයක් විදියට අපි මේ ආටිකල් එක අරගෙන ආවේ. Anime ෆෑන්ස්ලා හැමෝම ආසාවෙන් බලන් හිටපු මේ Season 2 ඊයේ (2026 මාර්තු 10) රිලීස් වුණා. ඒ කියන්නේ දැන්ම ඔයාලට බලන්න පුළුවන්! 🔥
Season 1 එකේ අවසානයේ අපේ Straw Hats කණ්ඩායම East Blue වලින් පිටත් වෙලා ලෝකේ භයානකම මුහුද වෙන “Grand Line” එකට ඇතුල් වෙනවා. මේ ගමනේ තියෙන ත්‍රාසය, අනතුරු වගේම විනෝදයත් කලින්ට වඩා දෙගුණයක් වෙලා තියෙනවා! ❤️🔥
Season 2 එකේ කතාව ගෙතිලා තියෙන්නේ ‘Baroque Works’ කියන දරුණු ඝාතක කල්ලියක කුමන්ත්‍රණයක් එක්කයි. අපේ කට්ටිය එකතු වෙලා මේ අභියෝගවලට මුහුණ දෙන විදිහ මාරම ලස්සනට පෙන්නනවා. ලූෆිගේ (Luffy) හීනය වෙන “King of the Pirates” කෙනෙක් වෙන්න නම් One Piece නිධානය හොයාගන්නම ඕනේ. මේ හැමදේම තියෙන්නේ මේ Grand Line එක ඇතුළෙයි.
මේ ගමන අතරමඟදී යෝධ තල්මහෙක්ගේ බඩේ හිරවෙන්න, මුහුදු කොල්ලකරුවන්ට හිතවත් දූපතක උගුලකට අහුවෙන්න වගේම, අවුරුදු 100ක් තිස්සේ සටන් කරන යෝධයන් දෙන්නෙක් මැදට මැදිවෙන්නත් මේගොල්ලන්ට සිද්ධ වෙනවා! 😱
සුපිරි ඇක්ෂන් (Action): ඇක්ෂන් පැත්තෙන් ගත්තොත් Season 1 එකට වඩා ගොඩක් ඉස්සරහින් තියෙනවා. Zoro ගේ බාර් එක ඇතුළේ යන සටන, Loguetown ෆයිට් එක වගේම අවසාන මහා සටනත් සුපිරියටම කරලා තියෙනවා! 💥
විචාරකයොත් කියන්නේ මේ Season එක කලින්ට වඩා ලොකුයි වගේම ගොඩක් රසවත් කියලයි.
ඔයාලා තාමත් One Piece බලලා නැත්නම්, දැන්ම ගිහින් Season 1 එකේ ඉඳලම බලන්න පටන් ගන්න! 🏴☠️
විශේෂ සටහනක්:
මේ වෙද්දි තවත් අලුත් ෆිල්ම් සහ සීරීස් 500 කට වඩා ඔයාලගෙන් අපිට රික්වෙස්ට් (requests) ඇවිත් තියෙනවා. අපි ඒ හැමදේම පුළුවන් ඉක්මනින් ඔයාලට දෙන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. ඒ නිසා ඔයාලා ඉල්ලපු දේවල් තාම දෙන්න බැරි වුණා කියලා කවුරුවත් දුක් වෙන්න එපා. අපි උපරිමයෙන් ට්‍රයි කරනවා ඒ හැමදේම ඔයාලට අරන් එන්න. ඒ නිසා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න!
📲 අලුත්ම Movies සහ TV Series අප්ඩේට්ස් ඉක්මනින්ම දැනගන්න Cinesubz.net ෆේස්බුක් පේජ් එකට සෙට් වෙන්න. මේ පෝස්ට් එක යාලුවෝ එක්ක ශෙයාර් (share) කරන්නත් අමතක කරන්න එපා — ඒකත් ලොකු සහයෝගයක්! ❤️
Season 02 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ ධනංජය විසින්.
- 1
ROMANCE DAWN Aug. 31, 2023 - 2
THE MAN IN THE STRAW HAT Aug. 31, 2023 - 3
TELL NO TALES Aug. 31, 2023 - 4
THE PIRATES ARE COMING Aug. 31, 2023 - 5
EAT AT BARATIE! Aug. 31, 2023 - 6
THE CHEF AND THE CHORE BOY Aug. 31, 2023 - 7
THE GIRL WITH THE SAWFISH TATTOO Aug. 31, 2023 - 8
WORST [Last Episode OF Season 01] Aug. 31, 2023































