CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
ONE PIECE (2023) TV Series | S01 Complete

ONE PIECE (2023) TV Series | S01 Complete

Aug. 31, 2023
Your rating: 0
9.1 61 votes

TV Series Info

මේ අරගෙන ආවේ ලොව පුරාම උන්මාදයක් ඇතිකළ මන්ගා සිරිස් එකක්, Action, Adventure, Comedy, Drama, Fantasy කියන වර්ගයන්ට අයත් ලයිව් ඇක්ෂන් විධියට නිර්මාණය කරපු කතාවක්. නෙට්ෆ්ලික්ස්ලා මෑත කාලීනව එහෙම ඇඩප්ටේෂන් අනුභව කලාට, ආයේ කියන්න දෙයක් නැහැ මේක නම් මල් හතයි. ඒ වගේම අතීත සහ වර්තමාන කාල කලවම් කරපු වයිබ් එකක් තියෙන මුහුදු කොල්ලකාර කතාවක් වීම වෙනම ලස්සනක් අරගෙන එනව. එහෙනම් වැඩි දෙයක් නැතුව කතාවේ පසුබිම වෙත යොමුවෙමු. ලිපියේ පහලට යනකම් තියෙන්නේ ඇනිමි සහ ලයිව් ඇක්ෂන් චරිත අතර සමානතාවය. ඔයාලට තේරේවි මේකට හරියන පෙනුමේ නළු නිලියන් තෝරාගෙන තියෙන බව. එහෙනම් විස්තරය කියවමු. මේ විස්තරය අරගෙන එන්නේ බයිස්කෝප් උපසිරසිකරුවන්ගේ අංක එකේ වන් පීස් රසිකාවිය වෙන නවෝදනී සහෝදරිය. 🙂

නවෝදනී සොයුරියගේ ලිපිය
කොහෙන් කොහොම පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ. මුලින්මම කියන්න ඕන Live Action කිව්වම අනිවාරෙන් දෙපිරිසක් ඇති‌ වෙනවා. බලන්නැතිව ලොකුකම් කියන අයයි තමන්ට ලැබෙන දේ ආදරෙන් වැළඳගන්න අයයි. මේ දෙගොල්ලොන්ටම බලන්න අද අරන් ආවේ මේ තාක් ආපු සියලුම Anime Live Action අතරින් අහන ඕන කෙ නෙක් හොඳම Adaptation එක විදියට පිළිගන්න සීරීස් එක අරගෙන.

ඇනිමෙ ප්‍රේක්ෂකයෙන් අතරින් අතිශයම ජනප්‍රිය ඇනිමෙ එක වගේම ලොව පුර වැඩිම වාර ගණනක් අලවි වුන ජපන් චිත්‍ර කතාව විදියට නම් දරණ One Piece කතා මාලාවේ Live Action Adaptation එකට තමයි අද අපි උපසිරසි අරන් ඇවිත් තියෙන්නෙ. LA එකකට හරවනවනම් අසීරුම කතාවත් මේක වෙන්න ඕන. ඒ සියලුම අභියෝග ජය අරගෙන කතාවෙ නිර්මාතෘ එයිචිරෝ ඕදා සෙන්සෙගෙ මැදිහත්වීමෙන් යුක්තව තෝරගත්ත නළු නිළියන් පිරිසක් දායකත්වයෙන් නිර්මාණය වුනු මේ සීරීස් එක අද හැමෝම කතා වෙන හැමෝම ආසාවෙන් නරඹපු කතාවක් බවට පත් වෙලා තියෙනවා.

මේකට පාදක වන චිත්‍ර කතාව ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම් මොකද ඇනිමෙ නොබලපු චිත්‍ර කතාව නොකියවපු විශාල පිරිසක් අද මේ සීරීස් එක නරඹන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිසා.

බලය, ධනය, කීර්තිය…. මේ සේරම අත්කරගත්ත කෙනෙක් තමයි ගෝල්ඩ් රොජර් කියන්නෙ. හැබැයි රොජර් කියන්නෙ මුහුදු මංකොල්ලකාරයෙක්, මුහුදු මංකොල්ලකාරයන්ගෙ රජු ලෙස නම් වුන මුහුදු මංකොල්ලකාරයෙක්. මුහුදු මංකොල්ලකාරයන් පිරුන මේ ලෝකයෙ නීතිය ආරක්ෂා කරන්නෙ Navy (නාවික හමුදාවයි). මේ නාවික හමුදාව එක අවස්ථාවක රොජර්ව අත්අඩංගුවට ගන්නවා. ලෝකයට පේන්න ඔහුව ප්‍රසිද්ධියෙ මරා දමනවා.

හැබැයි මරා දාන්න කලින් කෙනෙක් කෑ ගහලා රොජර්ගෙන් අහනවා “ඔයා හොයාගත්ත නිධන් කොහෙද තිබ්බෙ” කියලා. ඒකට රොජර් මෙහෙම උත්තර දෙනවා. “මං හොයාගත්ත නිධානෙ “වන් පීස්” ඒක මේ ලොකේ ශ්‍රේෂ්ඨම මුහුදෙ තියෙනවා.” ඒක හොයාගන්න ඔ්නම කෙනෙක්ට ඒ විශාල නිධානෙ අයිති වෙයි”. අන්න එහෙම, මුහුදු මංකොල්ලකාරයන්ගෙ මහා යුගය ආරම්භ වෙනවා. රොජර් දාලා ගිය “වන් පීස්” හොයන්න සිය දහස් ගණන් පිරිස් මුහුදු මංකොල්ලකරුවන් බවට පත් වෙලා මුහුදු යන්න ගන්නවා. ගොඩක් අය මුහුදු මංකොල්ල රජු බවට පත්වෙන්න හීන දකිනවා.

අන්න ඒ හීනෙම හිතේ තියාගෙන අවුරුදු 17 දි පොඩි කොල්ලෙක් මුහුදු යන්න පටන් ගන්නවා. ඒ තමයි අපේ ප්‍රධාන චරිතෙ මන්කි ඩී. ලූෆී. එයා තීරණය කරනවා එයාගෙ නැවට තවත් සාමාජිකයො එකතු කරගෙන එයා කවදහරි මේ ලොකේ තරණය කරලා වන් පීස් හොයාගෙන මුහුදු මංකොල්ල රජතුමා වෙනවා කියලා. එහෙම පටන් ගන්න ගමන ගොඩක් ලොකුයි. හැබැයි මේ Live Action එකේදි එයාගෙ ගමනෙ මුලාරම්භය තමයි එපිසෝඩ් 8 කින් අපිට මෙහෙම අරන් ඇවිත් තියෙන්නෙ.

ආරම්භයේදීම එක ආර්ක් (Arc) එකකට විතරක් සීමා වෙනවා කියන කීම මත ආරම්භ වෙච්ච මේ කතාව සීසන් 2කට අලුත් වෙයිද කියලා අපිට දැන්ම කියන්න බෑ, හැබැයි අනිවාර්යෙන්ම රිනිව් වේවි මේක සාර්ථක ප්‍රතිචාර ලබන නිසා. හැබැයි විශාල පිරිවැයක් මේ සීරීස් එක වෙනුවෙන් දරපු නිසා. සාර්ථක වීම මත වුනත් මේ වගේ දීර්ඝ, ප්‍රහේලිකා පිරුණ, ස්ථාන, චරිත පිරුණ කතාවක් Live Action එකකට හරවන එක කරන්න ලේසි දෙයක් නෙවෙයි. කොහොමහරි අවුරුදු 2ක් පුරා ගොඩක් අයගේ කැපවීම මහන්සිය මත අද මේ Live Action එක සාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා නෙට්ෆිල්ක්ස්ලා මේක අත්හරින එකක් නැහැ.

මං ඔයාලට ආරාධනා කරනවා මේ සීරීස් එක බලලා නවතින්නැතුව ඇනිමෙ එකත් රසවිඳින්න කියලා. අපිට ලැබෙන්නෙ එක ජීවිතයයි. ඇයි අපි මේ වගේ දෙයක් අත් නොවිඳ මැරිලා යන්නෙ? තීරණය ඔයාලාගෙ අතේ තමයි

 

 

Quality
WEBRip  480p / 720p / 1080p

Season 01 (Complete)
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.

ONE PIECE (2023) TV Series | S01 Complete
ONE PIECE (2023) TV Series | S01 Complete
ONE PIECE (2023) TV Series | S01 Complete
ONE PIECE (2023) TV Series | S01 Complete
ONE PIECE (2023) TV Series | S01 Complete
ONE PIECE (2023) TV Series | S01 Complete
ONE PIECE (2023) TV Series | S01 Complete
ONE PIECE (2023) TV Series | S01 Complete
ONE PIECE (2023) TV Series | S01 Complete
ONE PIECE (2023) TV Series | S01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 8.257 558 votes
First air date Aug. 31, 2023
Last air date Aug. 31, 2023
Seasons S01 Complete
Average Duration tt11737520 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Iñaki Godoy isMonkey D. Luffy
Monkey D. Luffy
Mackenyu isRoronoa Zoro
Roronoa Zoro
Vincent Regan isVice-Admiral Garp
Vice-Admiral Garp
Aidan Scott isHelmeppo
Helmeppo
Jeff Ward isBuggy the Clown
Buggy the Clown

Video trailer

Similar titles

Chief of War (2025) TV Series | S01 | EP01-08 | Incomplete
In From the Cold (2022) TV Series Season 01
What If…?  S01 -03 Complete
Prison Break (2005) Complete TV Series With Sinhala Sub
Head Over Heels (2025) TV Series | S01 Complete
Squid Game (2025) TV Series | S01-S03 | Complete
Star Wars: Tales of the Empire (2024) TV Series | S01 Complete
Extraordinary You (2019) TV S01 Complete EP01-32
Duty After School (2023) TV Season 01 | 01-10 Complete
Moon Lovers Scarlet Heart Ryeo TV Series (2016) Sinhala Subtitles
The Dragon Prince (2018) TV Series S01 | S02 | S03| S04 Complete With Sinhala Sub
Peaky Blinders (TV Series 2013-2022) TV Series Complete | S01 – S06

(2) comments

  • ashain September 24, 2023 Reply

    one piece meke animation ekath dannako

  • lakshan October 3, 2023 Reply

    he’s all that movie eka denna puluwanda?

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published