” පීකි බ්ලයින්ඩර්ස්” කියන්නේ 1890 දශකයේ එංගලන්තයේ බර්මින්හැම් නගරය කේන්ද්‍ර කරගෙන ගොඩ නැගුන මැර කල්ලියක්. මෙයාල තමන්ගේ හිස් වැස්මේ මුවහත් තලයක් සවි කරගෙන හිටිය. සතුරෙක් සමග සටනෙදි තමන්ගේ තොප්පිය ගලවල අරගෙන, අර මුවහත් තලවලින් සතුරාගේ ඇස් කැපිලා යන විදියට පහර එල්ලකිරීම තමයි මෙයාලගේ සම්ප්‍රධාය වුණේ. ඒකෙන් මොවුන් තමන්ගේ සතුරන්ව භීතියට පත් කරවන්න සමත් වුණා. කතා රචක Steven Knight සම්මුඛ සාකච්චාවකදී පැවසුවා පිකි බ්ලයින්ඩර්ස් කල්ලිය ගැන කියල තියෙන්නෙ එයාගේ තාත්ත විසින් බව. ඔහුගේ පියාට වයස අවුරුදු 9ක් 10ක් වෙන අවධියේ ඔහුගේ සීය විසින් ඔහුගේ පියාට කොළ කැබැල්ලක් දීල පැවසුවළු “මෙන්න මේක ගිහින් ඔයාගේ මාමට දෙන්න” කියල, එයාගේ මාම ෂෙල්ඩන්ස් කියන කල්ලියේ බුකිකරුවෙක් විදියට වැඩ කරපු කෙනෙක්, මෙන්න මේ ෂෙල්ඩන්ස් නාමය තමයි ස්ටීවන් නයිට් විසින් තමන්ගේ නිර්මානාත්මක අවශ්‍යතාවය මත” ෂෙල්බි” විදියට වෙනස් කරගන්නේ.

සැබෑ පීකි බ්ලයින්ඩර් කල්ලියෙ ප්ධා‍රන සාමාජිකයින් (WEST MIDLANDS POLICE MUSEUM)

තවදුරටත් ඔහුගේ පියා ඔහුට පැවසු සිදුවීම සහ ඔහු එම සිදුවීම් ඇසුරින් කතාව ගොඩ නැගූ ආකාරය විස්තර කරනවා මෙන්න මෙහෙම. මගේ පියා මට මෙහෙම පැවසුවා

“මම අදාළ පණිවුඩය රැගත් කඩදාසි කැබැල්ල රැගෙන පාවහන් රහිතව විදි දිගේ දිව ගියා, දිවගොස් අදාළ දොරට තට්ටුකල පසුව දොර විවර වූවා. එතුල මේසයක් වටා වාඩිවී මිනිසුන් අටදෙනෙක් හුන්නා. කදිම, පිරිසිදු ඇඳුම් ආයිත්තම් පැළද හිස් වැසුම් දරා සිටි ඔවුන්ගේ සාක්කු තුල පිස්තෝල තිබු අතර කිසිවෙකුට හෝ එක පැන්සයක් දැකගැන්මට නොහැකි එම කාලයේදී ඔවුන්ගේ මේසය මත මුදල් ගොඩ ගසා තිබෙනු දක්නට ලැබුණු අතර ඔවුන් බීර පානය කරමින් සිටිනු දක්නට ලැබුනා.”

නිකමට සිතන්න, ජනතාව දිළිඳුකමින් පිඩිතව සිටින කලෙකදී බර්මින්හැම් ‘හි මුඩුක්කු අතර නිවසෙක සිටින හොඳින් හැඳ පැළඳ, බියර් බොමින් මුදල් ගොඩක් වටකරගෙන ඉන්න මිනිසුන් පිරිසක් පිලිබඳව. මම එම කල්පනා මාත්‍රයෙන් මාගේ කතාව ගොඩ නැගීමේ කාර්‍ය ඇරඹුවා. ඔවුන් මගේ පියාගේ මවගේ සොහොයුරන්. වසර ගණනාවක් තිස්සේ මගේ ඔලුවේ මේ අය සම්බන්ධ කතාවන් පැවතුනා. මම පිකි බ්ලයින්ඩර්ස් නිර්මාණය කරන්න තීරණය කරද්දී මං මොවුන් සම්බන්ධ සැබෑ ලිඛිත ඉතිහාසය පිලිබඳව සොයා බැලුවා. එහිදී මට වැටහුනේ සැබෑ සිදුවීම් කතාවක ආකාරයෙන් ගොඩ නැගීමට නම් යම් යම් වෙනස්කම් කිරීමට සිදුවෙන බවයි. ඒ අනුව කතාවේ ගලායාම උදෙසා මවිසින් යම් කරුණු නිර්මාණාත්මකව කතාව තුලට ඇතුලත් කළා. මට ඉඩ ලැබුනොත්, පළමු ලෝක යුද්ධය සමග ඇරඹි මෙම කතා මාලාව 1940 දශකයේ දෙවැනි ලෝක යුද්ධය දක්වාම රැගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා. යැයි ස්ටීවන් නයිට්, හිස්ට්‍රි එක්ස්ට්‍රා මැගසින් එක සමග පැවති සම්මුඛ සාකච්චාවකදී පවසා තිබෙනව.

හැබැයි අපේ කතාවේ කාල රාමු නම් පොඩ්ඩක් එහෙට මෙහෙට පැනල තියෙන්නෙ. අපේ කතාව පටන් ගන්නේ 1920 දශකයෙන්. ප්‍රධාන චරිතය වෙන්නෙ තෝමස් ෂෙල්බි, එහෙම නැත්නම් ටොමී ෂෙල්බි (Cillian Murphy). මොහු සහ මොහුගේ සහෝදරයින් පළමු ලෝක යුද්ධයෙදී එංගලන්තය වෙනුවෙන් සටන් වැදුණු, ඒ වෙනුවෙන් ගෞරව සම්මාන ලැබුණු උදවිය. ෂෙල්බි පවුලේ වැඩිමලා ආතර් ෂෙල්බි(Paul Anderson), දෙවනියා තෝමස් ෂෙල්බි. මොවුන් දෙදෙනාම පළමු ලෝක යුද්ධයේ බිහිසුනුම සටන් ද්විත්වයක් ඇතිවූ සෝම් ‘හි සහ වර්ඩන් ‘හි ඇතිවූ සටන් ද්විත්වයට සක්‍රියව සමබන්ධව යුධ වැදුණු දෙදෙනෙක්. ඉතිං පළමු ලෝක සංග්‍රාමය අවසානය කියන්නේ එංගලන්තය ඇතුළු මිත්‍ර පාර්ශවයන්ට ජයග්‍රහණය ගෙනදුන් සටනක් වුනත් ආර්ථිකමය අතින් දැඩිව හානි කරපු යුද්ධයක් වුණා. ඉතිං කලින් විස්තර කරපු ආකාරයට ඒ කාලයේ සමාජයේ ජනතාව අන්ත දිළිඳු තත්වයේ හිටියෙ. ඒ අතරවාරයේ තමයි මේ පිකි බලයින්ඩර්ස් මැර කල්ලිය හිස ඔසවන්නේ. පොලිසියට පගාව දෙමින් ඔවුන් නීති විරෝධී රේස් බුකි පවත්වාගෙන ගියා, මිනි මැරුවා, සොරකම් කිරීම් සිදුකලා, විවිධ ජාවාරම් කටයුතු සිදුකලා. ඉතිං මොවුන්ගේ ප්‍රභලයා වෙන්නෙ තෝමස් ෂෙල්බි. ඩෙවිල් ඔෆ් ද පීකි බ්ලයින්ඩර්ස් එහෙම නැත්නම් පීකි බ්ලයින්ඩර්ස්ලාගේ යක්ෂයා විධියට තමයි ඔහුව හදුන්වන්නෙ.

Comments