Shogun (2024) TV S01 Complete
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-10 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast PageHistorical | Military ශාරනයේ අලුත්ම ඇමරිකන් සීරිස් එකක් තමයි මේ Shogun කියන්නෙ .මේක රිලීස් උනේ පහුගිය 27 වෙනිදා සම්පූර්ණ කතා මාලාව කොටස් 10කින් යුක්තයි. ඉතින් පලවෙනි කතාංග දෙක තමයි අද මේ විදියට අරගෙන එන්නේ.James Clavell ගේ Shogun කියන නව කතාව පාදක කරගෙන තමයි මේ සීරිස් එක නිර්මාණය වෙලා තියෙන්නෙ.Hulu , Fx හරහා විකාශනය වන මේකේ ඉංග්‍රීසි සහ ජපන් භාෂා දෙකම අඩංගු වෙනවා. මේකට මේ වෙද්දි ලැබිල තියෙන රේටින් රිවිව්ස් අනුව ඉහලම ජනප්‍රියත්වයක් මේ වෙද්දි ලබාගෙන තියෙනවා. ඒ වගේම අධ්‍යක්ෂකවරු , නිෂ්පාදකවරු රැසක් මේක නිර්මාණය කරන්න දායක වෙලා තියෙනවා.
වර්ෂ 1600 දී ජපානයේ රාජ්‍යාධිකාරී කවුන්සිලයක් විසින් තමයි පාලනය වෙන්නෙ. ඒ කියන්නෙ රජතුමාගේ අභාවයෙන් පස්සෙ පුත් කුමරුට අවුරුදු 16ක් වෙනකම් රට පාලනය කරන්න මේ කවුන්සිලයට තමා බාර වෙන්නේ. ඔය අතරෙ රජතුමා විශ්වාසවන්තම සාමිවරයෙක් වන දක්ෂ බුද්ධිමත් යෝෂි ටොරනාගා සාමිවරයා ඉවත් කරන්න තමා මේ අධිකාරියේ අනික් අයගෙ සැලැස්ම.මොකද එයා නිසා කාටවත් අර ඔටුන්න හිමි කුමරුටත් මොකුත් කරන්න බෑ ආරක්ෂාව එයා සලසන නිසා. තව මේ සාමිවරුන්ගෙත් කට්ටියක් ඉන්නව ක්‍රිස්තියානි ආගම වැලඳගෙන ඉන්න. ඉතින් ජපානේ වෙලඳ කටයුතු ඔක්කොටම මැදිහත් වෙලා කිතුනු දහමත් පතුරගෙන පෘතුගීසීනුත් ඉන්නව මේ අස්සෙ.හැමෝම තමන්ගෙ සුගතියගැන හිතල වැඩ කරන කොට ආරවුල් ගොඩක ඉන්නෙ ජපානෙට එක නැවක් ගහගෙන එනවා.ඒ නැවේ නියමුවා තමයි ජෝන් බ්ලැක්තෝර්න්.ඉතින් මේ පිරිස ජපන්නුන්ගේ අත්අඩංගුවට පත් වෙනවා.
ඉතින් ඔහොම තමා කතාව පටන් ගන්නෙ.ඉස්සරහට යද්දි තව ගොඩක් දේවල් දැනගන්න පුලුවන්. එහෙනම් අරගෙන බලන්න.
- 1
Anjin Feb. 27, 2024 - 2
Servants of Two Masters Feb. 27, 2024 - 3
Tomorrow Is Tomorrow Mar. 05, 2024 - 4
The Eightfold Fence Mar. 12, 2024 - 5
Broken to the Fist Mar. 19, 2024 - 6
Ladies of the Willow World Mar. 26, 2024 - 7
A Stick of Time Apr. 02, 2024 - 8
Abyss of Life Apr. 09, 2024 - 9
Crimson Sky Apr. 16, 2024 - 10
A Dream of a Dream [S01 Last Episode] Apr. 23, 2024












