The Railway Men – The Untold Story of Bhopal 1984 (2023) TV S01 Complete
Year:2023
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-04 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast PageUnion Carbide India Limited (UCIL) කියන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි භෝපාල් වල පිහිටා තිබුනු ප්‍රධානම රසායනික කර්මාන්ත ශාලාවක්. සේවකයින් නව දහසක් පමන සේවය කල ඒ කර්මාන්ත ශාලාවේ බැටරි, කාබන්නි ශ්පාදන, වෙල්ඩින් උපකරන, ප්ලාස්ටික්, කර්මාන්ත රසායන ද්‍රව්‍ය සහ කෘමිනාශක නිපදවනු ලැබුවා.
වසර 39කට පෙරාතුව හෙට වන් දිනක, එනම් 1984 වසරේ දෙසැම්බර් දෙවෙනිදා රාත්‍රියේ ගෑස් කාන්දුවක් සිදු වුනා. එම කර්මාන්ත ශාලාව අවට කුඩා ගම්මාන වල වැසියන් ලක්ශ පහකට අධික ප්‍රමානයක් එයින් නිකුත් වූ අධික විස සහිත methyl isocyanate (MIC) වායුවට
නිරාවරනය වුනා. එමගින් ක්ශනික මරන 2259ක් වාර්තා වුනු අතරම, එම මරන ප්‍රමාණය සීග්‍රයෙන් ඉහල ගියා. (පසුව එය 16000ක් බවට වාර්තාවන්හි සඳහන් වෙනවා.) ගෑස් කාන්දුවෙන් සති දෙකක් ඇතුලත 8000ක් පමණත් ඒ හා සම්බන්ද රෝගාබාධ වලින් තවත් 8000ක් පමනත් මිය ගියා. 558,125 ක් දෙනා තුවාල ලැබූ අතරම, 38,478 ක් තාවකාලික ආබාධ වලට ගොදුරු වුනා. ආසන්න වශයෙන් 3,900 ක් පමන බරපතල හා ස්ථිර ආබාධිත තත්ත්වයට පත් වුනා. ඒ වගේම 2008 වසරේදී මධ්‍ය ප්‍රදේශ් ආණ්ඩුව විසින් ඔවුන් සියලු දෙනාගේම පවුල් වලට වන්දි පිරි නැමුවා.
කාන්දු වූ ගෑස් ටැංකිය (2010)
විනාශයට පත් වූ කර්මාන්ත ශාලාව
ඛේදවාචකයෙන් මිය ගිය අය
1986 සහ 2012 අතර අවස්තා කිහිපයකදීම එහි ප්‍රධානී වොරන් ඇන්ඩර්සන් ට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ ගොනු කරපු සිවිල් සහ අපරාද නඩු නිශ්ප්‍රබ කර ඉන්දියානු උසාවිය වෙත යොමු කරනු ලැබුවා. 2010 වසරේදී ඔහුට වසර දෙකක සිර දඬුවම් හා ඩොලර් දෙදහසක දඩයක් නියම වුනත් තීන්දුව ප්‍රකාශයට පත් වී සුළු මොහොතකින් සියලු දෙනාම ඇප මත නිදහස් වුනා.
මියගිය අය සිහිකිරීම වෙනුවෙන් තැනූ අනුරුව
ඒ මහා ඛේදවාචකය හමුවේ ජීවිත ගලවා ගැනීමට වෙහෙසෙන දුම්රිය සේවක පිරිසක් ගැන තමයි මේ කතා මාලාවෙන් කියවෙන්නෙ. යශ් රාජ් චිත්‍රපට සමාගම ඔස්සේ නිපදවෙන මේ කතා මාලාවට රංගනයෙන් දායක වෙන්නේ R. Madhavan, Kay Kay Menon, Divyenndu සහ Babil Khan. අධ්‍යක්ශනය කරන්නේ Shiv Rawail.













