EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageIt Feeds (2025) | බලවේගය
කතා සාරාංශය:
“තරුණ ගැහැණු ළමයෙක් ඔවුන්ගේ නිවසේ පවත්වාගෙන යන මනෝ වෛද්‍ය සායනයට කඩා වැදී, යම් අද්භූත බලවේගයක් තමන්ගෙන් පෝෂණය වන බව පැවසීමෙන් පසු, ජෝර්ඩන්ට සහ අද්භූත දේ දැකිය හැකි (clairvoyant) ඇගේ මවට, එම ගැහැණු ළමයාව සම්පූර්ණයෙන්ම ගිලගැනීමට පෙර ඒ බලවේගය නැවැත්වීමට ක්‍රමයක් සොයා ගැනීමට සිදුවේ.”
මගේ අදහස:
“මම මේ ‘It Feeds’ ෆිල්ම් එකට සබ්ටයිටල් හදලා ඉවරවෙලා බැලුවා. ඇත්තම කිව්වොත්, මේක ටිකක් වෙනස් විදියේ හොරර්/ත්‍රිලර් ෆිල්ම් එකක්. කතාව පටන් ගන්නේ පොඩි කෙල්ලෙක් දුවගෙන ඇවිත් කියනවා මොකක්දෝ අමුතු දෙයක් එයාගේ පස්සෙන් එනවා, ඒක එයාගෙන් පෝෂණය වෙනවා වගේ කියලා. ඒ එන්නේ මනෝ වෛද්‍ය සායනයක් කරන තැනකට.
කතාවේ විශේෂත්වය තමයි ඒ සායනය කරන දුවටයි, එයාගේ අම්මටයි තමයි මේ කෙල්ලව බේරගන්න වෙන්නේ. අම්මට අර අද්භූත දේවල් පේන බලයකුත් තියෙනවා. ඉතින්, මේ අම්මයි දුවයි එකතු වෙලා අර කෙල්ලව අරගෙන ඉන්න හදන භයානක බලවේගය නවත්තන්න හදන හැටි තමයි ෆිල්ම් එකේ තියෙන්නේ.
ෆිල්ම් එක බලනකොට හොඳට කුතුහලය තියෙනවා. මොකක්ද මේ අමුතු බලවේගය? ඒකෙන් බේරෙන්න පුළුවන් වෙයිද? වගේ ප්‍රශ්න හිතේ තියාගෙන තමයි බලන්න වෙන්නේ. බය හිතෙන තැන් ටිකකුත් හොඳට තියෙනවා. හොරර් ෆිල්ම් බලන්න කැමති කෙනෙක්ට, විශේෂයෙන්ම අද්භූත කතා වලට කැමති අයට මේක හොඳ අත්දැකීමක් වෙයි කියලා මට හිතෙනවා. බලන්න වටින ෆිල්ම් එකක්!”





