EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cold Pursuit (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageCold Pursuit (2019) | ලෙයට ලෙය..!
“Liam Neeson”, මෙහෙම කිව්වම මතක් වුණාද කවුරුහරි? හරි එහෙනම් ඉතිං ආයෙ මොන කතාද බෑමක් තමයි. ඔව්, මම දන්නව ඉතිං මේ නම කිව්ව ගමන් ගොඩක් අය මෙතනින් එහාට මේක කියවන්න වද වෙන එකකුත් නෑ කියල. ඒක ඉතිං අහන්නත් දෙයක් නෙවෙයි. කොහොමහරි එහෙම අය වද වෙන්න එපා මේක බාගන්න. අනිත් අයට මම ටිකක් විස්තර කියන්නම්. ප්‍රේක්ෂක මනාප 14500+ වලින් IMDb මීටරේ 6.4ක අගයක් සටහන් වෙලා තියෙන, “Liam Neeson” රංගනයෙන් දායක වෙන 2019 වර්ෂයේ නිකුත් වුණු අලුත්ම චිත්‍රපටිය තමයි ඔන්න අද මම අරගෙන ආවෙ. Taken (2008), Taken 2 (2012), Taken 3 (2014), The Gray (2011), Non-Stop (2014), Run All Night (2015) මෙකී නොකී තව බොහෝ සිනමා කෘතීන් ගණනාවක ඉතාම ඉහළ රංගන කෞෂල්‍යයකින් හෙබි චරිතයක් තමයි “Liam Neeson” කියල කියන්නෙ. ඒ ගැන මම අමුතුවෙන් කියන්න ඕනෙත් නැති තරම්. ඉතිං Cold Pursuit (2019) කියන්නෙ ඒ සිනමා ගොනුවේ අලුත්ම දිගහැරුම. ඉතිං මේක 2014 වර්ෂයේ තිරගත වුණු In Order of Disappearance කියන නෝර්වේජියානු සිනමාපටය ආශ්‍රයෙන් කරන ලද නවෝත්පාදනයක්. විනාඩි 119ක් පුරා දිවෙන Action, Crime, Drama ගණයට වර්ගීකරණය වුණු, මේ සිනමා පටයත් කම්මැලි නැතුව බලන්න පුළුවන් කියල කියන්න පුළුවන්. හැබැයි දඟලල, වෙඩි වරුසා වස්සගෙන යන Action නම් මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඊට වඩා ගැඹුරු, ඉවසීමෙන්, මොළෙන් ගහන ගේම් එකක් තමයි මේක. ඒ වගේම මෙහි දෙවැනි ප්‍රධාන චරිතයට පණ පොවන Tom Bateman නැත්නම් Jekyll & Hyde කතා මාලවට දායක වුණු ජෙකිල් (මේකෙ නම් වයිකින්) ඉතාම සාර්ථක රංගනයක් කරනව කියලත් මතක් කරන්න ඕනෙ. ඇ.ඩො.මි 60ක, පිරිවැයක් දරල නිෂ්පාදනය කරල තියෙන මේ සිනමාපටය Box Office වාර්ථා තබපු සිනමාපටයක් කියලත් මතක් කරන්න ඕනෙ. එහෙනම් කතාව පැත්තට ටිකක් හැරෙමු.
නෙල්ස් කොක්ස්මන් කියන්නෙ කීහෝ කියන නගරයේ පාරවල් වල හිම ඉවත් කරන පුරවැසියෙක්. එයාගෙ පුතා තමයි කයිල් කොක්ස්මන්. පුතා වැඩ කරන්නෙ කීහෝ ගුවන්තොටුපොළේ. හිටපු ගමන් දවසක් නෙල්ස් සහ ග්‍රේස් (කයිල්ගෙ මව) දෙන්නට ආරංචි වෙනව, කයිල් මැරිල කියල. මරණය බලන්න ගියාම මරණ පරීක්ෂණ නිගමනය වුණේ කොකේන් අධි මාත්‍රාවක් ශරීරගත වීම නිසා මරණය සිදුවුණා කියල. නමුත් මේක පිළිගන්න නෙල්ස් සූදානම් වෙන්නෙ නෑ, නමුත් මේ මරණය නිසා ඔවුන්ගෙ පවුල් ජීවිතය සම්පූර්ණයෙන් කණපිට හැරෙනව. ඒ අතරෙ තමයි නෙල්ස් සියදිවි හානිකර ගන්න උත්සාහ කරන්නෙ. ඔන්න ඔය අතරෙ කයිල් එක්ක එකට වැඩ කරපු ඩාන්ටේ එනව නෙල්ස් ලඟට. එතනින් තමා සියදිවි නසාගන්න ගියපු නෙල්ස්ට ජීවත් වෙන්න අරමුණක් එන්නෙ. ඊට පස්සෙ නෙල්ස්ගෙ ගමන තනිකරම වෙනස් වෙනව. ඒ ගමන් මග වැටිල තියෙන්නෙ වයිකින් සහ වයිට් බුල් කියල දෙන්නෙක්ගෙ මැදිහත් වීම් මතින්. මේක කීහෝ වල ජීවිත වෙනස් කරන්න සමත් වෙනව. ඒ වගේම වයිකින් කියන්නෙ කවුද? වයිකින් ඉස්සරහට එන අයට වෙන්නෙ මොනවද? වයිකින්, වයිට් බුල් අවුස්සගන්නෙ මොනව කරලද? මේව තමයි කතාව එක එක දිශා වලට හරවන්නෙ. හැබැයි නෙල්ස් ඉන්නෙ එක අරමුණක. ඒකට යන්න ඕන පාර හොයාගෙන පාදගෙන නෙල්ස් තමන්ගෙ පුතාගෙ අහඹු, අබිරහස් මරණය වෙනුවෙන් සටන් කරන හැටි එහෙනම් බලමු.












