EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kamali from Nadukkaveri (2021) | සිංහල උපසිරැසි සමඟ

Enakku Innoru Per Irukku,Kadavul Irukaan Kumaru,En Aaloda Seruppa Kaanom,Pariyerum Perumal,Chandi Veeran වගේ ජනප්‍රිය චිත්‍රපටි වලින් අපිට දක්නට ලැබුන Anandhi තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ..ඉතින් Imdb 7.5 ක අගයක් අරගෙන තියෙන මේ චිත්‍රපටිය තමයි Kamali from Nadukkaveri…ලස්සන කතාවකින් සමන්විත මේ චිත්‍රපටිය නිකුත් උනේ 2021 පෙබරවාරි 19…ඔන්න ඉතින් හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් උන ගමන්ම අපි ඔයාලට අරගෙන ආවා.

ඉතින් කතාව ගැන කිව්වොත්..කමලී කියන්නේ පාසල් යන වයසේ ගැහැණු ලමයෙක්,12 වසරේ ප්‍රතිපල නිකුත් උන දවසේ කමලිගේ ගෙදර හැමෝම එකට එකතුවෙලා ටීවී එකේ ප්‍රවෘත්ති බලාගෙන ඉන්න අතරේ..විභාගෙන්  මුලු ඉන්දියාවෙන්ම පලවෙනි තැනක ගත්තු කෙනා එක්ක සම්මුඛ සාකච්චාවක් පෙන්නනවා…මුලු ඉන්දියාවෙන්ම පලවෙනි තැන ගත්තු කෙනා තමයි අශ්වින් කියන්නේ..අශ්වින්ව ටීවී එකේ දැක්ක ගමන් කමලිට එයා ගැන ආදරයක් ඇතිවෙනවා..ඉතින් අශ්වින් නිසාම කමලි IIT විභාගේ ලියන්න හදනවා,ඒත් ප්‍රශ්නේ තමයි කමලි ඉන්න ගමේ IIT විභාගෙට පුහුණු කරන්න කිසිම පංතියක්වත් ,කිසිම කෙනෙක්වත් නැති එක..ඉතින් කමලීට අශ්වින් ගාවට යන්න තියෙන එක මාර්ගෙත් IIT විභාගේ ලියල සමත් වෙලා අශ්වින් ඉන්න කොලේජ් එකටම යන එක විතරයි…ඉතින් කමලී මේ වෙනුවෙන් මොකක් කරයිද…එහෙනම් අරගෙන බලන්න නඩුක්කාවේරි ඉන්න කමලී මේ වෙනුවෙන් මොනා කරයිද කියල..

Comments

October 4, 2025

This is the best film i like….it motivated me to study