EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

New Gods: Nezha Reborn AKA Xin Shen Bang: Ne Zha Chongsheng (2021) | දෛවෝපගත පලිගැනීම

2019 වසරේ තිරගත වෙච්ච NE ZHA චිත්‍රපටිය මතකද? එම චිත්‍රපටිය ලබපු අති විශාල සාර්ථකත්වය නිසාම එහි දෙවැන්නක් නිර්මාණය වෙනවා. ඒවගේම තමයි නීෂා සිනමාපටය හා සම්බන්ධ කරමින් චීන දෙවිවරුන් සම්බන්ධ සිනමා විශ්වයක් ගොඩ නගන්න තමයි නිෂ්පාදකවරු වෑයම් දරන්නෙ. ඒ අනුව තමයි ගිය වසරේ Jiang ziya සිනමාපටයත් තිරගත වෙන්නෙ. ඉතින් මේ සිනමාපටයෙනුත් ඒ සම්බන්ධ ඉගි ලබා දෙනවා කිව්වොත් නිවැරදියි.

IMDb අගය 6.9ක් ලබාගෙන තියෙන්නෙ මිලියන 269ක විශාල අදායමක්ද උපයා ගනිමින්. ඉතින් කතාවේ අන්තර්ගතය ගැන විමසා බැලුවොත් මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ පෙර චිත්‍රපටයේ කාලයෙන් වසර 3000කට පසු කාලයක්. චිත්‍රපටියේ නමේ සදහන් වෙනවා වගේම නීෂාගෙ යළි ඉපදීමක් ගැන තමයි කියවෙන්නෙ.

නීෂා විසින් මකර රජුගේ පුත්‍රයාව ඝාතනය කිරීමෙන් පස්සෙ කෝපයට පත් වෙන මකර රජු අනිකුත් මකර රජවරු සමග එක්ව සටන් කොට නීෂාව විනාශ කර දමා තිබෙනවා. දෙව්ලොවේ ස්වාමියා විසින් නීෂාගෙ ආත්මය සදාකාලිකවම දෙව්ලොවට ගෙන්වා ගත්තත් නීෂා දෙව්ලොවෙන් පලා ගොස් යළි යළිත් ආත්මභාවවල උත්පත්තිය ලබනවා. ඒ වගේම මකර රජුද නීෂාගෙ ඒ ආත්මභව සොයමින් ඔහුව නසා දමා තිබෙනවා. ඉතින් වසර 3000ක් මේ විදිහට දිව යන කෝන්තරය යළි එළියට එන්නෙ නීෂා ලී යුන්ෂින් නම් තරුණයෙකු ලෙස ඉපදී සිටීම එක්ක.

පෙර ආත්මවල වගේම මේ ආත්මයෙත් මකර රජුගේ පුත්‍රයා නීෂා සමග යම් අරගලයක් ඇති කරගැනීමක් එක්ක දෛවෝපගත සටන යළි ආරම්භ වෙනවා. ඒ ප්‍රචණ්ඩකාරී නීෂාගෙ පිබිදීමත් එක්කයි. ඒවගේම තමා මේ චිත්‍රපටියෙන් සුන් වුකොන්ග් එහෙමත් නැත්නම් මන්කි කින් එහෙමත් දැක බලාගන්න පුළුවන්.

එහෙමනම් කතාවේ වෙන්නෙ මොකක්ද කියන එක මං කියන්න යන්නෙ නෑ. වසර 3000ක වෛරයක, විවිධ ආත්මවල කෙරෙන මේ සටනෙ මෙවර ජය කා හට හිමිවෙයිද කියලා ඔයාලම බලලා දැනගන්න එහෙනම්.

Comments

May 10, 2025

❤️👍