EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Freaky Tales (2024) |"අමුතු කතාව"

Freaky Tales කියන්නේ ,  1987 වර්ෂයේ කැලිෆෝනියාවෙ ඕක්ලන්ඩ් නගරයේ සිද්ධ උන සිදුවීම් දාමයක් නිරූපණය කරන චිත්‍රපටියක්

මේකෙන් ගොඩක්ම ඒ කාලේ ඇමෙරිකාවෙ තිබුණ වර්ග වාදය , සුදු කලු භේදය  , සංස්කෘතිය එහෙම සෑහෙන ඉස්මතු කරලා තියෙනවා,

බාස්කට් බෝල් තරුවක්, දූෂිත පොලිස් නිලධාරියෙක් , කුලී ඝාතකයෙක් ,රැප් කෙල්ලෝ දෙන්නෙක් , වගේම තරුණ ජෝඩුවක් වටේ තමා චිත්‍රපටිය ගොඩනැගිලා තියෙන්නේ.

කතාව පැත්තට හැරුනොත් කතාවෙ ප්‍රධාන සතුරා වෙන්නේ මේ නගරේ ඉන්න පොලිස් නිලධාරියා සහ ඔහුගේ පුතාගේ කල්ලිය , මේ හැම කෙනාම නාසී වාදීන්, නාසීන් කියන්නෙ කව්ද කියලා දන්නවා ඇතිනේ මෙයලා ගොඩක් ම හිට්ලර් ගේ මතවාදයන් දරපු පිරිසක් තමයි.

 දෙවන ලෝක යුද්ධයේ මේ අය මිනිස්සුන්ට තිරිසන්නුන්ට වගෙ සළකපු විදිහ ඔයාලා අහලා ඇති

ඉතින් මේ කණ්ඩායමත් නීතිය අවභාවිතා කරමින් මේ නගරේ මිනිස්සුන්ට හිංසා කරනවා, කොල්ල කනවා…ඉතින් මේ දේවල් ඉවසලා ඇති උන මේ නගරේ පිරිස මෙයාලට විරුද්ධව එකතු වෙලා මේවට විරුද්ධව තනි තනියෙන් සහ කණ්ඩායම් වශයෙන් සටන් කරන්න ගන්නවා ..

විශේෂයෙන් කියන්න ඕන ..කතාවේ ලේ වැගිරීම් දර්ෂණ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා.. ඒ වගේම අමුතු අධිමානසික ශක්තියක් ගැනත් කියවෙනවා , ඒකනම් ඔයාලම බලලා තේරුම් ඕන දෙයක්…

මුලින් කිසි ගැළපීමක් නැති සිද්ධි දාමයක් වගේ පෙනුනත් අවසාන වෙද්දි ඒ ඔක්කොම එකිනෙකට ගළපලා සුපිරිම cinematic අත්දැකීමක් දෙන්න මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරුන් සමත් වෙලා තියෙනවා….

Comments