EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Abhilasham (2025) | කියා ගන්න බෑ

මලයාලම් theatre ‍එක නම් මේ කාලෙ ගින්දර වගේ දිව්වට ඇත්තටම පහුගිය කාලෙ දෙන්න තරම් හොඳ මලයාලියක් මට නම් OTT release උනේ නෑ.ඉතිං ඒ අතර මට ටිකක් හරි දැනුන හරිම සරල කතා පුවතකට තමයි මේ උප සිරැසිය ගෙන එන්නෙ. ඉදිරි සතියෙ ඉඳල OTT flat forms ඉතා උණුසුම් වෙන්න නියමිතයි. ඒ නිසා කේරළය සහ මලයාලි ඇහැට කණට හුරු කර ගන්න මේක බලල ඉන්න.

සයිජු කුරුප්ව දන්නෙ දුෂ්ඨ සටකපට චරිත වලට එහෙමත් නැත්තම් විකට චරිත වලට. මෙතනදි ඔහු ප්‍රධාන නළුවා හැටියට රඟපාන්නෙ ඉතා අහිංසක, ලැජ්ජාශීලී, බොළඳ චරිතයක්. ඔහු සමග තන්වි රාම්, අර්ජුන් අශෝකන්, බිනු පාපු වැනි නළුවන් රඟපානවා. සම්සු ශයිබා තමයි අධ්‍යක්ෂනය කලේ.

කතාව පැත්තට යොමු උනොත් අර මම කිව්ව තරුණයා අභිලාශ් පාසල් කාලෙ ඉඳන්ම තමාගෙ ප්‍රේමය ප්‍රකාශ කල නොහැකිව ලත වෙනවා. අද නෙමෙයි හෙට, පස්සෙ කිය කිය කල් දාන මේක කියා ගන්න ආයෙත් එයාට අවස්ථාවක් එන කොට එයාලට සෑහෙන වයසක් ගිහින් ඒත් තාම එයාට ඒක කියා ගන්න බෑ. එයාගෙ හොඳම යාළුවන්ගෙ පවා උපකාර ලැබෙද්දි හිටපු එකම ප්‍රතිවාදියා ප්‍රතික්ශේප වෙද්දි පවා ඔහු කියා ගන්න බැරුව ලත වෙනවා. ඉතිං කවද හරි මේක කියයිද? වැඩේ ඉටු වෙයිද? මේක බලල තීරණය කරන්න.

Comments