EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageUntil Dawn (2025) | ”හිරු නැගෙන තුරු”
මේ අවුරුද්දේ එළියට ආපු තවත් විශිෂ්ට ගණයේ Horror සලරුවක් තමයි “Untill Dawn” කියන්නේ.. Horror සහ Survival කියන ශානරයන් දෙකට අයත් වෙන මේ චිත්‍රපටයේ ධාවන කාලය පැයකුත් මිනිත්තු 43 ක් වෙනවා.. IMDb 5.8 ක අගයක් වගේම කුණු තක්කාලි 52% ක අගයකුත් ලබාගෙන තියෙන මේ නිර්මාණය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David F. Sandberg විසින්. Sony Pictures ලගේ බෙදාහැරීමෙන් තමා මේ චිත්‍රපටය ලොවපුරා විකාශය වෙන්න ගත්තේ.
කතාව පැත්තට ගියාම Genre එකෙන්ම තේරෙන විදිහට යාළුවෝ කීපදෙනෙක් ජීවිතේ බේරගන්න දරන උත්සාහයක් තමා මේකෙන් විස්තර වෙන්නේ.. ක්ලෝවර්, නැනී, මේගන්, මැක්ස් සහ ඒබ් කියන්නේ හොඳම යාළුවෝ සෙට් එකක්.. මෙතනින් ක්ලෝවර් කියන කෙනාගේ නංගි අතුරුදහන් වෙලා.. මෙයාලා ගමනක් ගිහින් එහෙමම ක්ලෝවර්ගේ නංගි’ එහෙමත් නැත්තම් මෙලනි කියන කෙනාව හොයන්න යම් තැනකට එනවා.. එතන ගෑස් ස්ටේෂන් එකක්.. ක්ලෝවර් එතන ඉන්න කෙනාගෙන් දැනගන්නවා තමන්ගේ නංගි විතරක් නෙමේ තව ගොඩාක් අය යම්කිසි නිම්නයකට ගියාම එතනින් එහාට අතුරුදහන් වෙනවා කියලා.. මෙයාලා මේ නිම්නය හොයාගෙන යනවා.. එතන තියෙනව එක ගෙදරක්.. මේ ගෙදර ඇතුලේ තමයි හැමදෙයක්ම සිද්ධවෙන්නේ.. මෙයාලට නොසිතූ දේවල් ගොඩකට මෙහෙදි මූණ දෙන්න වෙනවා..
තව විශේෂ දෙයක් තමයි මේ ගෙදර ඇතුළෙදි මේ කිසිම කෙනෙක් එකපාර මැරෙන්නේ නෑ.. කීප වතාවක් වද දීලා දීලා තමයි මරවන්නේ.. කොටින්ම කීවොත් මේ අයට බේරෙන්න අවස්ථාවන් තමයි මේ දෙන්නේ.. ඉතින් මේ යාළුවොන්ට මේ අවස්ථාවන් වලදි තම තමන්ගේ ජීවිත බේරගන්න පුළුවන් වෙයිද? නැත්තම් සදහටම මැරෙන්න වෙයිද? මෙලනිව හොයාගන්න පුළුවන් වෙයිද? කවුද මේ හැමදෙයක්ම පිටිපස්සේ ඉන්නේ? වගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලිහාගෙන යන්න පුළුවන් මේ චිත්‍රපටය බලන ගමන්ම..
ඉතින් ක්ලෝවර් චරිතයට Ella Rubin, මෙලනිගේ චරිතයට Mala Mitchell, ඒබ් ගේ චරිතයට Belmont Camell, මැක්ස් ගේ චරිතයට Michael Cimino, මේගන් චරිතයට Ji Young Yoo වගේම නීනා චරිතයට Odessa A’zion රංගනයෙන් දායක වෙනවා..
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක පවුලේ සැමට එකට බලන්න පුළුවන් චිත්‍රපටයක්.. Violence දර්ශන අන්තර්ගත වුණාට Nude සීන් එහෙම මොකුත් නෑ.. මම පුළුවන් තරම් භාෂාව බාල කරලා සබ් හදලා තියෙන්නේ හැමෝටම රසවිඳින්න පුළුවන් වෙන්න.. එහෙනම් බලලා විනෝද වෙන්න, මං ගිහින් එන්නම්..












