EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Final Destination 3 (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageFinal Destination 3 (2006) | අද අද එයි මරු
වෙන්ඩි සහ එයාගේ යාළුවො කැම්පස් එකේ තියෙන කානිවල් එකක විනෝද වෙනවා. ගොඩක් උස තැන් වලට එහෙම බය වෙන්ඩි ෆොටෝ අරන් විතරක් සෑහීමකට පත් වෙද්දී එයාගේ පෙම්වතා සහ යාළුවො ටික නම් හොදට විනෝද වෙනවා. යාලුවන්ගේ බල කිරීමට වෙන්ඩි එයාලත් එක්ක රෝලර් කෝස්ටරේ විතරක් යන්න කැමැති වෙනවා. ඒත් රෝලර් කොස්ටරේ ගමන පටන් ගන්න කලින් වෙන්ඩිට පුර්ව නිමිත්තක් පේනවා, රෝලර් කෝස්ටරේ අතර මගදී කඩන් වැටෙනවා. මේ හින්දා එයා එතන ලොකු කලබලයක් ඇති කරලා කිහිපදෙනෙක්ට ඒ රයිඩ් එකට යන්න බැරි වෙනවා. ඒත් වෙන්ඩිගේ පෙම්වතයි එයාගේ යාළුවොයි නම් රයිඩ් එක යනවා. හදිසියේම වෙන්ඩි දැක්කා වගේම රෝලර් කෝස්ටරේ කඩන් වැටිලා වෙන්ඩිගේ පෙම්වතා ඇතුළු ගොඩක් අය මැරෙනවා.
මේ සිදුවීම් හින්දම වෙන්ඩි මානසිකව ගොඩක් වැටෙනවා, හැමදේකින්ම ඈත් වෙන්න හදද්දී එයාගේ ජීවිත වලට බලපාන අමුතු භයානම සිදුවීම් ගොඩක් සිද්ද වෙනවා. ඒ වගේම මේ සිදුවීම් එදා කානිවල් එකේදී තමන් ගත්ත ෆොටෝස් වලටත් සම්බන්ධයි කියලා වෙන්ඩි හොයාගන්නවා. ඉතින් වෙන්ඩි, එයාගේ යාළුවගේ පෙම්වතා කෙවින් එක්ක එකතු වෙලා මේ සිද්දි වල අග මුල හොයන්න පටන් ගන්නවා. අන්තිමට මොනවා වෙයිද?? වෙන්ඩිට මොනවා වෙයිද කියලා බලලම දැනගමු.
Share
Links
Comments












