EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Ballad of Wallis Island (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Ballad Of Wallis Island (2024) | සොදුරු නිම්නය..
කතාව පැත්තට ගියොත් මේක ඇත්තටම ලස්සන පරිසරයක් ඇතුලේ මිහිරි සංගීතයක් එක්ක ගලාගෙන යන අපූරු චිත්‍රපටියක්
ඔයාලට මේ කතාව පුරාවටම දැක ගන්න පුලුවන් වෙන්නෙ චරිත සීමිත ප්‍රමාණයක් විතරයි,
එක්කෙනෙක් තමයි අපේ චාල්ස් , චාල්ස් ටිකක් අමුතු ඒත් විනෝදජනක කෙනෙක්, ලොතරැයි දිනුමකින් සල්ලි ගොඩක් හම්බකරගත්ත එයා ,හර්බ් මැක්වයර් කියන ගායකයව ගෙන්වනවා එයා වෙනුවෙන් පුද්ගලික ප්‍රසංගයක් පවත්වන්න, නගරයෙන් ඈත තියෙන ලස්සන දූපතකට
ඒත් හර්බ් දන්නෙ නෑ , මේ චාල්ස් හර්බ් ගේ පරන පෙම්වතිය වන නෙල් ටත් මේකට ආරාධනා කරලා කියලා, කොහොමහරි හර්බ් ගෙ හිටපු පෙම්වතියත් එයාගෙ සැමියා වන මයිකල් එක්ක මේ දූපතට එනවා
ඔතනින් තමා අපේ කතාව ගලාගෙන යන්න පටන් ගන්නේ ,
තමන්ගේ මතක කැටි උන පරන නිර්මාණ ආයෙත් එකට ගායනා කරද්දි හර්බ් ට සහ නෙල් ට මොකක් වෙයිද , ඒ දෙන්නා ආයෙත් එකතු වෙයිද එතකොට මයිකල් ට මොකද වෙන්නේ
චාල්ස් ට එයා බලාපොරොත්තු උනා වගේ ප්‍රසංගය සාර්තක කරගන්න පුලුවන් වෙයිද?….
ඉතින් ලස්සන අවසානයක් එක්ක ඉවර වෙන මේ චිත්‍රපටිය බලන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා









