Cast
Go Full Cast PageCoimbatore Mappillai (1996) Sinhala | “ කොයම්බතූර් මනමාලයා…! ”
15 January 1996 වනදා තිරගතවීම් ආරම්භ කරන මෙම චිත්‍රපටය 2h 15m පුරාවට දමිළ බසින් රසවත්ව ගලාගෙන යන අතර චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංඟනයෙන් දායක වන්නේ අපි හැමෝම දන්න නලුවෙක් ඒ වෙන කවුරුත් නෙමෙයි
තලපති විජේ ඒ වගේම මෙහි ප්‍රධාන නිලිය ලෙස Sanghavi රංඟනයෙන් දායක වේ , ඊට අමතරව මෙම චිත්‍රපටය අද වෙනකොටත් IMDb දර්ශකය තුල 7.3/10 ක අගයක් ලබාගෙන තියෙනවා.
” මේකෙ තියෙන විශේශම දේ තමයි තලපති විජේගෙ චිත්‍රපට ඉතිහාසයේ පළවෙනි commercial blockbuster චිත්‍රපටය මෙය වීම “
කතාව නම් මෙහෙමයි , කොයම්බතූර් වල ඉඳල නගරෙට රැකියාවකට සහ ඉන්න තැනක් හොයන් එන කතා නායකයට ( විජේ ) නවාතැන විදිහට එන්නෙ අපේ කතා නායිකාවගෙ (Sanghavi) ගෙ නිවාසෙට තමයි කුලියට.
ඉතින් මෙතන ඉඳන් විනෝදෙන් සතුටෙන් දුකෙන් ප්‍රචණ්ඩත්වයෙන් මේ හැමදේම එකට එකතු උන ලස්සන කතාවක් තමයි ගලාගෙන යන්නේ , මේ හැමදේම අවසානෙ මේ දෙන්නගෙ ආදරේ ජය ගන්න විදිහ තමයි මේකෙ ඇතුලත් වෙලා තියෙන්නෙ .


