
අවිවාදයෙන්ම මේ තමයි එදාමෙදා තුර ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයේ සිදුවූ දැවැන්තම සහ දරුණුතම චිත්‍රපට ඝට්ටනය. මේ ද්වන්ධ යුද්ධෙයේ අවසාන ප්‍රථිඵලය මොකකින් මොකක් වේවිද කියලා කිසිකෙනෙක්ට හිතාගන්න බැරිවුණා. නමුත්, පලමු දිනය අවසානයේදි War චිත්‍රපටයට දැඩි තර්ජනයක් එල්ලකරන්න Sye Raa Narasimha Reddy චිත්‍රපටයට හැකියාව ලැබුණා. පළමු දිනය තුල War චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 53.35ක මුදලක් ලබාගන්න සමත්වෙන්නෙ, එදාමෙදා තුර ඉන්දීය චිත්‍රපට ඉතිහාසය තුල බොලිවුඩ් චිත්‍රපටයක් මංගල දිනයේදී ලබාගත් වැඩිතම ආදායම් වාර්තාව ලෙස වාර්තා පොත් අතරට එකතු වෙමින්. ඒ, ආමිර් ඛාන්ගෙ Thugs of Hindusthan චිත්‍රපටයේ මංගල දිනයේ ආදායම් වාර්තාව බිඳ දමමින්. ඒ වගේම තමයි, ඒ වෙනකම් 2019 වර්ෂය තුල මංගල දිනයේදී වැඩිම ආදායම් වාර්තාව ලෙස සටහන්ව තිබුණේ, බොලිවුඩයේ බොක්ස් ඔෆිස් මැෂින් එක යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නාවූ සල්මාන් ඛාන්ගෙ Bharat චිත්‍රපටය මංගල දිනයේදී ලබාගත් කෝටි 43ක මුදල. උතුරේ එහෙම වෙද්දි, දකුණේ ආධිපත්‍ය හිමිකරගෙන හිටියෙ Sye Raa Narasimha Reddy. ඒ, සිය මංගල දිනයේදී කෝටි 80 ඉක්මවා යමින් අති දැවැන්ත බොක්ස් ඔෆිස් අදායම් වාර්තාවක් තමන් සන්තක කරගනිමින්. මේ යුද්ධය තව තවත් බිහිසුණු වුණේ එක පැත්තකින් Joker චිත්‍රපටයත්, අනිත් පැත්තෙන් ධනුෂ්ගේ Asuran චිත්‍රපටයත් මේ යුද්ධයත් සහභාගී වෙලා හිටිය නිසා. ඒ කොහොම වුණත්, පළමු සතිය අවසන් වනවිට මේ බිහිසුණු යුද්ධය තුල සිය ආධිපත්‍ය අන් සියල්ලටම විදහා පාමින්, පළමු සතිය තුලදී ඉන්දියානු රුපියල් කෝටි 200 ඉක්මවා යන්නට War චිත්‍රපටය සමත්වෙන්නෙ, එතුවක් කල් පැවති බිහිවුණු යුද්ධයේ පෙරමුණ තමන් සන්තක කරගනිමින්. ඒ විදියට ආරම්භ වෙච්ච මේ ගමන, දවසින් දවස එකින් එක වාර්තා කඩාබිඳ දමමින්, ඒවා සුන්නද්දූලි කරමින්, නව වාර්තා සිය නමට වෙන්කරගනිමින්, මේ වනවිට විජයග්‍රාහී ගමනක් පැමිණ තිබෙන්නෙ, බ්ලොක්බස්ටර් යන ලේබලය සිය නාමය ඉදිරියෙන් සනිටුහන් කරගනිමින්.
War චිත්‍රපටය හිමිකරගත්ත වාර්තා කීපයක් පහතින් සඳහන් කරන්නම්.
2019 වර්ෂයේ වැඩිතම ආදායමක් හිමිකරගත් ඉන්දියානු චිත්‍රපටය.
එදාමෙදා තුර ඉන්දීය චිත්‍රපට ඉතිහාසය තුල, අඩුම Screen ප්‍රමාණයකින්, Domestic Nett ඉන්දියානු රුපියල් කෝටි 300 ඉක්මවා ගිය චිත්‍රපටය (ආසන්න වශයෙන් Screen 4000ක් පමණ)
එදාමෙදා තුර ඉන්දීය චිත්‍රපට ඉතිහාසය තුල, Domestic Nett ඉන්දියානු රුපියල් කෝටි 300 ඉක්මවා ගිය 8 වෙනි බොලිවුඩ් චිත්‍රපටය වගේම, 12 වෙනි ඉන්දියානු චිත්‍රපටය.
රිතීක් රෝෂන් සහ ටයිගර් ෂෙරොෆ්ගේ සිනමා දිවිය තුල ඔවුන් රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් ලබාගත් වැඩිතම ආදායම් මුදල.
මේ සටහන ලියවෙන මොහොත වනවිට War චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 470 ඉක්මවූ අති දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් සමගින්, 10000+ මනාප සංඛාවකින් Imdb දර්ශකය 6.8ක් දක්වා කරකවාගන්න සමත්වෙලා තිබුණෙ, බ්ලොක්බස්ටර් ලේබලයත් තමන් සන්තක කරගනිමින්.
ඒ වගේම, මේ කාරණවත් ඔබ සිහියෙ තබාගන්න. මේ සඳහන් කලේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා පමණයි. කරුණාකරලා චිත්‍රපටයේ ගුණාත්මකබව ගැන ආදායම් වාර්තා වලින් විතරක් අදහසක් ගන්න යන්න එපා. උඩ සඳහන් කරලා තියෙන චිත්‍රපටි සියල්ලම අති විශිෂ්ඨ මට්ටමෙ සිනමා නිර්මාණ. ඒ නිසා, ආදායම් වාර්තා වලින් පමණක් ඔබ චිත්‍රපටි වල ගුණාත්මකබව මනිනවා නම්, ඒ ඔබ කරගන්නා ලොකුම මෝඩකමක් විදියටයි මං නම් දකින්නෙ. Sye Raa Narasimha Reddy, Asuran කියන චිත්‍රපටි අනිවාර්‍යයෙන්ම ඔබ නැරඹිය යුතුම චිත්‍රපටි විදියට නිර්දේශ කරන්න පුළුවන්.
අවසාන වශයෙන් එහෙනම්, කතාව නම් එක අකුරක්වත් කියන්න මගේ අදහසක් නැහැ. එක වචනයක්වත් කියලා නාස්ති කරන්න වටින කතාවක් නෙමෙයි තියෙන්නෙ. කුතුහලය උපරිමයෙන් විඳිමින්, චිත්‍රපටය රසවිඳින රාජකරිය ප්‍රේක්ෂක ඔබ සැමට බාරයි.
Options | Quality | Language | Size |
---|---|---|---|
WEB-DL 480p | 900 MB | Hindi | |
WEB-DL 720p | 1.8 GB | Hindi | |
WEB-DL 1080p | 3.5 GB | Hindi |