Forever Love (2020)| "නොමියෙන ආදරය"

 

අද අරන් ඇවිත් තියෙන්නෙ සත්‍ය සිදුවීමක් පාදක කරගත්ත කතාවක් ,ගුවන් භටයෙකුගේ හා සාමාන්‍ය තරුණ කාන්තාවක් අතර ඇති වෙන සත්‍ය ආදර කතාවක් තමයි මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ

 චිත්‍රපටිය පටන් ගන්නෙ වයසක ජෝඩුවකට වෙන රිය අනතුරකින්, මේක ගොඩක් අනපේක්ෂිතව සිදු උන සිදුවීමක්

ඉතින් මේ අනතුරට මුහුන දුන්න වයසක මනුස්සයට තත්වය ටිකක් බරපතල වෙනවා  ,

ඉතින් මේ පුද්ගලයා ජීවිතයත් මරණයක් අතර සටන් කරද්දි එයාගෙ බිරිද වන ජෑන් ට ඔවුන්ගේ තරුණ කාලෙ මතක් වෙන්න ගන්නවා

එයාලා මුණගැහුන විදිහ , ආදරෙන් බැදුනු විදිහ , ඇයගේ පියා මේ සම්බන්ධයට අකමැති උන විදිහ , බාධක වලට එයාලා මුහුණ දුන්න විදිහ අන්තිමේදි මේ ඔක්කොටම මුහුන දීලා ජය අරගෙන එයාලා දෙන්නා එකතු උන විදිහ , ඔවුන්ගෙ විවාහ දවස

මේ ඔක්කොම සිදුවීම් හරිම ලස්සනට ගලපලා මේ කතාවෙන් පෙන්නලා දීලා තියෙනවා

ආදරය ගැන කියවෙන ලස්සන සංවේදී කතාවක් රසවිදින්න කැමති හැමෝටම අනිවාරෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා

Comments