EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

From the World of John Wick: Ballerina (2025) | නීති සහ ප්‍රතිවිපාක

 

ඒ සුප්‍රසිද්ධ John Wick චිත්‍රපටමාලාවේ SpinOff චිත්‍රපටයක් ලෙස 2025 වර්ෂයේ නිකුත් වුන From the World of John Wick: Ballerina සිනමාපටය සමගින්. 2025 වසරේ නිකුත් වුන මේ සිනමාපට IMDB දර්ශකයේ 7.2 ක අගයක් සහ කුණු තක්කාලි දර්ශකයේ 76% අගයක් ලබාගෙන තියෙනවා. ඉතින් John wick චිත්‍රපට එක්ක බලපුවාම මේක අලුත් දෙයක් නෙවේ.

ඉතින් මෙහි ප්‍රධාන චරිතය රග දක්වන්නෙ කවුරුත් දන්නා සුරූපී නිළි Ana de armas විසින්. ඒ වගේම Keanu Reeves, Ian McShaneAnjelica HustonLance ReddickNorman ReedusGabriel Byrne යන නලුනිලියන් මෙහි සෙසු ප්‍රධාන චරිත රග දක්වනවා. චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ලෙස ඩොලර් මිලියන 90ක් වියදම් වී අතර මේ වන තෙක් ඉපයීමට සමත්ව ඇත්තෙ ඩොලර් මිලියන 110ක් වැනි මුදලක් පමණක් වීම විශ්මයට කරුණක්. බොහෝවිට ජෝන් වික් ප්‍රධාන චරිතය නොවීමත් එයට බලපාන්නට ඇති. එහෙනම් ඒ ගැන නොහිතා කතාව ගැන කෙටි විස්තරයක් කරලා ඉන්නම්.

මේ කතාව දිවෙන්නෙ ජෝන් වික් තුන්වැනි සිනමාපටය සහ හතරවැන්න අතර කාලය තුළ සිද්ධ වෙන සිදුවීම්මාලාවක්. මතකයිනේ ජෝන් ජෙය්ෂ්ඨයාව මරන්න මාන බලාගෙන ඉන්න කාලේ රුස්කා රෝමාවලට යනවා උදව්වක් එහෙම ඉල්ලගෙන. අන්න ඒ කාල වකවානුව අතරේ සිදුවීම් මාලාවක් තමයි මේ යන්නෙ. රුස්කා රෝමා කියන්නෙ ඝාතකයන් පුහුණු කරන ස්ථානයක් බවත් ජෝන් වික් එහෙමත් එහි සාමාජිකයෙක් වෙලා හිටි බව කලින් සිනමාපට බලපු අය දන්නවා ඇති. ඉතින් මේ සිනමාපටයේ කතා නායිකාව වෙන්නෙ ඊව් මැකාරෝ කියන රුස්කා රෝමාහි බැලේ නර්තනාවිය.

ඇය කුඩා කාලයේම සිය පියාව අහිමි කරගෙන අසරණ වෙලා ඉන්න කොට තමයි රුස්කා රෝමා වෙත යොමු වෙන්නෙ. එහිදී සියළු පුහුනුවන් නිම කොට උසස් මට්ටමින් ඝාතකයෙක් වෙන්න හැකි වෙන ඇයට දිනක් තමන්ගෙ එක රාජකාරියක් අතරතුර සිය පියාගේ මරණයට සම්බන්ධ පුද්ගලයින් ගැන ලැබෙන හෝඩුවාවක් මත ඔවුන්ව සොයා යාමෙන් තමයි කතාවේ සිද්ධිය පටන් ගන්නෙ. ඉතින් මේකට ජෝන්, වින්ස්ටන් වගේ අය එහෙම සම්බන්ධ වෙන්නෙ කොහොමද යන දේවල් කතාව බලලම දැනගන්න.

ඒ වගේම මීට පෙර John wick සිනමාපට නරබපු නැති කෙනෙක්නම් ඒවත් බලලම ඉන්න. මොකද එතකොට මෙහි තියෙන ආයතන සහ සංවිධාන ගැන හොද අවබෝධයක් ඔබට ලැබෙයි.

Comments

August 18, 2025

❤️👍