EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Page
අද මෙන්න තවත් අළුත් මලයාලි චිත්‍රපටයක උප සිරැසියක්. මේකත් ලස්සන කතාවක්. prison break කතන්දර අද ලෝකෙ ගොඩක් ජනප්‍රියයි. විශේෂයෙන්ම එවැන්නක් සඳහා කරන හිතා ගන්නත් බැරි සැලසුම්, පොලිසිය අතුළු නිලධාරීන් නොමග යැවීම්, ප්‍රේක්ෂකයා කරකවල අත අරින ට්විස්ට් සෑහෙන්න මේ චිත්‍රපට වල තියෙනවා. මේක ඒවගෙ මලයාලි ආකෘතියක්.ඉතිං නවක චිත්‍රපට අධ්‍යක්ෂකයෙක් විසින් සත්‍ය කතාවක් ඇසුරින් කරන ලද මේ චිත්‍රපටය හොඳ චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්.
මේ කතාව පටන් ගන්නෙ දිව යන්නෙ ඉතා හැඟීම් බර විදිහට. මිනී මැරුමකට සිර දඬුවමකට නියම වෙන තරුණ ගැබිණියක් ඇගේ දරු ප්‍රසූතියට බන්ධනාගාර නිලධාරීන් විසින් සූදානම් කරනවා. ඒ අතර සිරකාරිය රෝහලෙන් පැන්නීමේ සැලසුමක්. කොහොම නමුත් ඒක පොලිසියට මාට්ටු වෙනවා මුළු සැලසුමත් සමගම. මහ මොළ කාරයා අහු උනාම ඔහු ගුටි කකා කියන්නෙ අදාල දිනයේ කොහොම හරි සිර කාරිය මුදා ගන්නා බෑයි, ඉතින් පොලිසියට මේක අභියෝගයක්. මේ සමගම තවත් අතුරු කතා කීපයක්ම සම්බන්ධ වී තිබෙනවා. ඒ වගේම ගැබිණිය කල මිනී මැරුම නිසා පළි ගන්න වින්දිතයාගේ කණ්ඩායම ලෑස්ති වෙනවා. අන්තිම විනාඩි කීපයේදී ඔබ අප බලා පොරොත්තු නොවූ ට්විස්ට් එක සිදු වෙනවා. ස්පොයිල් උනාද මන්දා. 116 ද 104ද?
ශ්‍රීනාත් බාසි, රවීනා රවි, කාලෙකට පස්සෙ ලාල්, වානි විශ්වන්ත්, සයිජු කුරුප්, ටී ජී රවි ආදී නළු නිළියන් රැසක් රඟපාන මේකෙ අධ්‍යක්ෂනය ජෝ ජෝජ්ගේ.



