EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageNarivetta (2025) | දඩයක් කරුවා සහ දඩයම
ප්‍රධාන චරිතය හැටිය ටොවිනො තෝමස් ඉදිරියට එනවා. නැවතත් ඔහු ඉන්නෙ පොලිස් චරිතයකට.ඔහු සමග සුරාජ් වෙන්ජාරමුඩු, දමිළ නලු චේරාන් සහ ආර්‍යා සලිම් මෙහෙ අනිත් චරිත රඟපානවා. ඉෂ්ක් චිත්‍රපටය අධ්‍යක්ෂනය කල අනුරාජ් මනෝහර් මේකත් අධ්‍යක්ෂණය කරනවා. මේ වෙන කොටත් හොඳ ආදායමක් උපයා ගන්නට මේ චිත්‍රපටය සමත් වී තිබෙනවා.
කතාවට ගියොත් වාගීස් නම් තරුණයා හොඳ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින තරුණයෙක්, ඔහුට රැකියා කිහිපයක් ලැබුනත් ඊට වඩා ඉහල රැකියාවක් අපේක්ෂාවෙන් සිටීම නිසා නිතරම සිය මවගේ මෙන්ම පෙම්වතියගේ විවේචනයට ලක් වෙනවා. අවසානයේ ඔහුට ඒ සියල්ල පසෙක තබා පොලිස් කොස්තාපල් තනතුරකට යන්න සිදු වෙනවා. ඒත් ඉහල රැකියාවක් ලබා ගැනීමේ අපේක්ෂාව තවමත් ඔහුගේ සිත් තුල තිබෙනවා.
කෙසේ වෙතත් ඔහුගෙ ජීවිතය වෙන අතකට හැරෙන්නෙ ශීතල වයනාඩ් කඳුකරයේ රක්ෂිත වනාන්තරයක් ආශ්‍රිත ගෝත්‍රික ජන පිරිසකගේ විරෝධතාවයක් හැසිරවීමට පොලිස් පිරිසක් සමග ගිය අවස්තාවේදී. සිය රැකියාව සහ හෘද සාක්ෂිය අතර බරපතළ ගැටුමකට මෙන්ම ජීවිතය රැක ගැනීමේ සටනකටද ඔහුට එක වර මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මේ ලස්සන චිත්‍රපටය නරඹලා ඉන්න.












