EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSusheela Sujeet (2025) කාමරයක සිරවුනු ආගන්තුක යුවල
අපි නිතරම උත්සාහ කරනවා ලෝකයේ විවිධ රටවල, විවිධ භාෂාවන් වල සිනමාපට වල සිංහල උපසිරැසි ඔබට ගෙනත් දීලා ඔබේ සිනමා නිම් වලලු පුළුල් කරන්න. ඒ අනුව මෙවර අරගෙන ආවා ලස්සන ඉන්දීය / මරාති නිර්මාණයක්. ඒ තමයි SuSHEELA.-.SuJEET. මුලින්ම තිරගත වුනේ 2025 අප්‍රියෙල් 18 දින ඉන්දියාවේදි. පැය 1 විනාඩි 35 ක කාලයක් පුරා ගලාගෙන යන Comedy / Drama එකක්. මෙහි ප්‍රධාන නිලි චරිතයට දායක වෙන්නේ Mission Kashmir (2000), Pyaar Tune Kya Kiya (2001), Dil Chahta Hai (2001), Taxi Number 9211 (2006) සහ Singham (2011) යන හින්දි චිත්‍රපට තුලින් ඔබ හමුවට ආ Sonali Kulkarni. දැනට මරාති සිනමාවේ සිටින ඉහළ ප්‍රවීණතාවක් සහිත සහ ඉහලම ගෙවීමක් ලබන නිලියන් අතරේ ඉදිරි පෙලේම සිටින සොනාලි (සුශීලා) සමග රංගනයෙන් එකතුවෙනවා Swapnil Joshi (සුජීත්), Sunil Tawde (රමාකාන්ත්) සහ Renuka Daftardar (සුජීත්ගේ මව).
පවුලේ කතාවක් රැගත්, මුල සිට අග දක්වාම කිසිම බෝරිං එකක් නැතුව බලන්න පුලුවන් නියම කොමඩියක්. ඒ අතරේ පවුල් වල තියෙන ප්‍රශ්න, අරගල ගැනත් බොහෝම සංවේදීව කතා කරල තියෙනවා, නරඹන්නන්ගෙ රස වින්දනයට බාධා නොවෙන විදිහට. මහල් නිවාසයක 36 වන තට්ටුවේ නිවසක තමයි සුශීලා සහ රමාකාන්ත් යුවල ජීවත් වෙන්නෙ. එහි නිදන කාමරයට යාබද බාත්රූම් එකේ ෂවර් එක හදන්න තමයි සුජීත් ඒ නිවසට එන්නෙ. රමාකාන්ත් ඔෆිස් ගිහින්. සුශීලා සහ සුජීත් ඒ නිදන කාමරේ හිරකාරයො වෙනවා. මොකද එහි දොරේ තියෙන අවුලක් නිසා. දොර වැහුනම එලියෙන් තල්ලු නොකර අරින්න බෑ. එයාලගෙ පෝනුත් සාලෙ. කාගෙන්වත් උදව්වක් ගන්නත් බෑ. දොර ඇරගන්න මේ දෙන්නා නා නා දේවල් කරනවා. ඒ අතරේ මේ ආගන්තුකයින් දෙදෙනා අතර යම් සමීපතාවක් ඇති වෙනවා. ඉදිරිය කොහොම වෙයිද? මේ අහඹු හමුවීම ඔවුන්ගේ ජීවිත කොහොම වෙනස් කරයිද? මොනා වුනත් මේක සිනා සාගරයක් කියල නම් නොකියම බෑ. අසභ්‍ය දර්ශන මොකුත් නෑ.
Share
Links
Comments


