EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Chennai City Gangsters (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Arun Keshav, Vikram Rajeshwar
Cast
Go Full Cast PageChennai City Gangsters (2025) | “අමුතුම හොරු ටිකක්”
හායි..ඔන්න ඉතින් අද මම අරගෙන ඇවිත් තියෙන්නේ Chennai City Gangsters කියන, හිනා වෙවී බලන්න පුළුවන් හොරු සෙට් එකකගේ කතාවක්. ඉතින් මම කතාව ගැන ටිකක් කියන්නම්. කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක්ගේ නම පාණ්ඩි අනිත් කෙනා පූචි. මේ දෙන්නට අම්මයි තාත්තයි නෑ, පොඩි කාලේ ඉදන් මෙයාලව බලාගන්නේ ටිකක් මත් ද්‍රව්‍ය වෙළදාම්, මැරකම් වලට සම්බන්ද පසුපති කියලා මනුස්සයෙක්. එයා වැඩ කරන්නේ සයිකෝ සලීම් කියලා කෙනෙක් යටතේ.
කොහොමහරි පස්සේ කාලෙක සයිකෝ සලීම්ට සල්ලි අවශ්‍යතාවයක් ඇවිල්ලා එයාට ඕන වෙනවා එයාගේ ගෙදර හොරකමක් වුනා කියලා පෙන්නලා රක්ෂණ සමාගම රවට්ටලා සල්ලි අරගන්න. මේකට පසුපතිගේ උදවු ඉල්ලනවා. පසුපති මේකට සම්බන්ද කරලා දෙන්නේ පාණ්ඩිවයි පුචීවයි. ප්ලෑන් එක වෙන්නේ ගෙදර සල්ලි, ආභරණ ටික මෙයාලා දෙන්නා අතේ පරිස්සම් ඇතුව ගෙදරින් පිට කරලා. රක්ෂණ සමාගමේ සල්ලි ටික ලැබුණම ආයෙත් ඒ ටික ගෙන්න ගන්න. වැඩේ කියන්නේ පාණ්ඩි පුචී දෙන්නා මේ වැඩේ අනාගන්නවා. කෝටි 2ක් විතර වටින සල්ලි බෑග් එක නැති කරගන්නවා. සයිකෝ සලීම් මේක දැනගත්තොත් ලොකු විනාශයක් වෙන නිසා මෙයාලා හිතනවා ඇත්තටම හොරකමක් කරලා මේ සල්ලි ටික පියවන්න.
මෙතනදි තමයි මෙයාලට හොරකම් කරන එක ගැන අවුරුදු ගානක් පලපුරුදු තියන හොරු 4 දෙනෙක් හම්බ වෙන්නේ. මෙයාලට එක එක විදිහේ දක්ෂකම් ටිකක් වගේම 4 දෙනාටම පොඩි අවුල් වගයක් තියෙනවා. මේ 4 දෙනා තමයි;
1. මතක දාස් – කිසිම හෝඩුවාවක් ඉතුරු කරන්නේ නෑ, අඩුපාඩුව තමයි ටික වෙලාවකින් කරන්න ආපු වැඩේ අමතක වෙනවා.
2. දමෝදර් ලාල් – සිංදු අහන ගමන් හොරකම් කරන්නේ. දැන් කන් දෙක ඇහෙන්නේ නෑ.
3. කුඩි කුමාර් – කණ්ඩායමේ මොළකාරයා, ටිකක් බිව්වොත් වෙරි වෙනවා. සම්පූර්ණයෙන් බඩ පිරෙන්න බිව්වොත් තමයි කෙලින් ඉන්නේ.
4. ස්ප්ලිට් සුසායි – අවංකම හොරා, නිකන් ඉන්නකොට හොරෙක්, හැබැයි සයිරන් සද්දයක් ඇහුණු ගමන් පොළිස් කාරයෙක් බවට පත් වෙනවා.
ඉතින් මේ වගේ කට්ටියක් එක්ක කරන්න යන හොරකමක් කොහොමට තියෙයිද? මේ කට්ටියට හොරකම සාර්තක කරගන්න පුළුවන් වෙයිද? සයිකෝ සලීම්ට ආයෙත් පාරක් සල්ලි ටික භාරදෙන්න පුළුවන් වෙයිද? එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.



