EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

M3GAN 2.0 (2025) | “AI යුගයකට එරෙහිව”

 

කොහොමද යාලුවනේ ඔන්න අද මං අරන් ආවේ අලුතින්ම නිකුත්වුණ ඔයාලා එනකල් බලාගෙන හිටිය අලුත්ම චිත්‍රපටියක්. ඒ M3GAN 2.0 (2025).

ඔයාලට මතක ඇති 2022 අවුරුද්දේ මේකේ පළවෙනි චිත්‍රපටිය වුණු M3GAN නිකුත්වුණා.

සුපුරුදු විදිහට මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේත් Gerard Johnstone. රචනය Gerard Johnstone සමඟින් Akela Cooper. Horror/Sci-fi ගණයට වැටෙන චිත්‍රපටියට පැය 2ක ධාවන කාලයක් අයත්. එතකොට මේ M3GAN චරිතය නිර්මාණය කරන්නේ Akela Cooper සමඟින් James Wan. James Wan කියන්නේ සුප්‍රසිද්ධ චරිතයක් Horror කැටගරියේ. Conjuring , Saw සහ Insidious චිත්‍රපට මාලාවල නිර් මාණකරු වෙන්නෙත් James Wan.

ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය දෙන්නේ Allison Williams, Violet McGraw, Brian Jordan Alvarez, Jen Van Epps, Amie Donald ඇතුළු ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්.

මුල් චිත්‍රපටියේ තිබුනු Horror ගතිය මේ චිත්‍රපටියේ දකින්න ලැබෙන්නේ නැති තරම්. මේක Action සහ Entertainment පැත්තට වැඩිපුර බරයි. චිත්‍රපටියේ කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න.

    M3GAN. Complete Collection
  1. M3GAN (2022)
  2. M3GAN 2.0 (2025)

Comments

July 22, 2025

🤩

August 19, 2025

❤️👍