CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2131 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Prince and Family (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Prince and Family (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 09, 2025India134 Min.
Your rating: 0
7 3 votes
Prince and Family (2025) | අලුත ගෙනා මනමාලි

 

තවත්  ලස්සන මලයාලි family comedy සිනමා පටයක් හඳුන්වා දෙනවා. මේක ඇවිත් ටික දවසක්. කීප දෙනෙක්ම ඉල්ලුවත් වෙනත් වැඩ කටයුතු නිසා ප්‍රමාද කරන්න සිදු උනා. ඒත් බලන්න ඕනෙම චිත්‍රපටයක් හැටියට නම් කරන්න පුළුවන්. ඒක හොඳ රේටිං එකක් විතරක් නෙමෙයි සැලකිය යුතු ආදායමක්ද මේ චිත්‍රපටයට ලැබුන එකෙන් හිතා ගන්න පුළුවන්. මේ කාලෙ පුරාම නව මලයාලි අධ්‍යක්ෂක වරුන් බිහි වෙමින් පවතිනවා. ඔවුන්ගේ කුළුඳුල් අධ්‍යක්ෂනත් සැලකිය යුතු ඉහළ මට්ටමේ වීම සුවිශේෂ කාරණයක්. මේකත් ඒ වගේම නවකයෙක්ගෙ වැඩක්. එයා බින්ටෝ ස්ටීවන්.

දිලීප් සමග රානියා රානා කියන නවක නිළියක් තමයි ප්‍රධාන චරිත රඟපාන්නෙ. ඇයගේ රඟපෑම ගැන නම මතක් කරන්නම වෙනවා. ඊට අමතරව ජොනී ඇන්තනි, සිද්දික්, බිංදු පනික්කාර්, ධ්‍යාන් ශ්‍රීණිවසන්, සහ මන්ජු පිල්ලේ සෙසු චරිත වලින් හමු වෙනවා.

කතාව කිව්වොත් ප්‍රින්ස් කියන අවිවාහක තරුණයා දැන් මැදිවියටත් ආසන්නයි. ඔහුගෙ සහෝදරයො දෙන්නත් බැඳලා දරුවොත් ලැබෙමින් පවතින අවධියක ඒ සේරගෙම වගකීම කරට අරන් වැඩ කරනවා. මෝස්තර ශිල්පියෙක් ලෙස බ්‍රයිඩල් සෙන්ටර් එකක් කර ගෙන තමන්ගෙ මව පියා සහෝදරයින්ගෙ පවුල් එකම නිවසක් තුලම නඩත්තු කරන මේ අහිංසකයගෙ කසාදෙ දිගින් දිගටම කල් යනවා. එන එන යෝජනා අනපේක්ෂිත විදිහට වරදිනවා. නිදා ගන්නවත් ඉඩක් නැති තමන්ගෙ කියන ගෙදර හිර වෙලා පුරා වස්තුවක් වෙමින් පවතින තම අනාගත නිවසේ අත්තිවාරම දිහා බලා ගෙන සුසුම් හෙළන ඔහුගේ ජීවිතයට වසන්තය උදා වෙන්න කිට්ටුයි. ඒ කියන්නෙ අන්තිමේ කසාදයක් තීන්දුයි. ඉතිං එයා ගේන මනමාලි කවුද බලන්න.

මේ කතාව සුපුරුදු මලයාලි පවුල් කතාවක් වගේම මන්දගාමීව පටන් ගන්න නිසා මුලින් ටිකක් කම්මැලි ගතියක් දැනුනත් යන්න යන්නම ලස්සන හාස්‍යජනක වාගේම හැඟීම් බර කතාවක් මවනවා. අද සමාජයට හොඳ පණිවිඩයක් දෙනවා. අද විශාල ව්‍යසනයක් බවට පත් වෙලා තියෙන සමාජ මාධ්‍ය අවභාවිතය ජන ජීවිත වලට බල පාන්නෙ කෙසේද යන්න සංවේදී ලෙස මෙහි විස්තර කරනවා. මේ සම්බන්ධව ඉදිරි කාලෙ චිත්‍රපටය බලලා සමාජ මාධ්‍ය තුලම කට්ටිය කතා කරයි.

Prince and Family (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prince and Family (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prince and Family (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 6.3 /10 1,929 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Renfield (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Adam Project (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sui Dhaaga: Made in India (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Plan A Plan B (2022) Sinhala Subtitles
Mastizaade (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Big 4 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crush (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Stop in Yuma County (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Together Together (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dirty Money (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In a Violent Nature (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
West Is West (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published