Yuddhakaanda Chapter 2 (2025) | “නිවේදිතාට එරෙහිව කර්ණාටක රජය””

 

නිවේදිතා කියන්නේ අහිංසක අම්මා කෙනෙක්. මෙයාට දුවෙක් ඉන්නවා ශ්‍යාම්ලි කියලා. තාම ඉස්කෝලේ යනවා. මේ අහිංසක ගෑණු ළමයාව බැලුන් එකක් අරන් දීලා කෙනෙක් එයාව පැහැරගෙන ගෙනිහින් ඒ අහිංසක කෙල්ලව දූෂණය කරනවා. ඉතින් උසාවියේදී ඒ කෙනාට නිවේදිතා වෙඩි තියලා දානවා.

භාරත් හනුමන්තා රාඕ කියන්නේ නීති වෘත්තියට පිවිසුණු කෙනෙක්. මෙයාට රස්සාවක් හොය හොයා අන්තිමේදී එයාට කොහොමහරි රස්සාවක් සෙට් වෙනවා. ඒකත් පොඩි තැනක. මෙයා ටික කාලයක් යනකොට මේ පොඩි තැනට අලුතින් කෙනෙක් එනවා. එයාගේ නම සප්නා. කාලයක් යද්දී අපේ කතා නායකයා වගේම සප්නා යාළුවෙලා අන්තිමේදී පෙම්වතුන් වෙනවා.

එක දවසක් මෙයා උසාවියට එද්දී ඔය නිවේදිතාගේ නඩුව අහන්න ලැබෙනවා. පස්සේ තමන් තනියෙන් මේ සෙල්ලමට සම්බන්ධ වෙනවා.. හැබැයි උසාවියේ ඒ නඩුවේ විරුද්ධ පාර්ශවයේ ප්‍රතිවාදියා වෙන්නේ එයා හොදට දන්නා කෙනෙක්..

මේ නඩුවෙන් දිනන්නේ කවුද?
ඇයි නිවේදිතා එයාට වෙඩි තිබ්බේ?
කවුද ඒ හොදට දන්නා ප්‍රතිවාදියා?

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඕනේ නම් ෆිල්ම් එක බලන්න වෙනෝ..

Comments