CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Griselda (2024) TV Series | Season 01 | Complete

Griselda (2024) TV Series | Season 01 | Complete

Jan. 25, 2024
Your rating: 0
10 1 vote

TV Series Info

 

හැමෝම පාබ්ලෝ එස්කොබාර් දන්නවා වගේ ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝ කියන්නේ කොකේන් කුඩු ව්‍යාපාරයේ හිටපු දැවැන්තම චරිතයක්. මෙයා තමයි කොකේන් ව්‍යාපාරයේ එස්කොබාර්ගේ ගෑනු වර්ෂන් එක කියලා කිව්වොත් හරි. කොලොම්බියාවෙන් ඇමරිකාවට ඇවිත් මයාමි නගරය කේන්ද්‍ර කරගෙන අවුරුදු 30ක් විතර කුඩු ව්‍යාපාරය දැවැන්ත විදිහට කරගෙන ගියා.

එස්කොබාර් කොලොම්බියාවේ ඉඳන් තමයි සෙල්ලම් දැම්මේ. හැබැයි මේ ගෑනි ගියේ හතුරාගේ කටට. ඇමරිකාව ඇතුලේ ඉඳන් සුද්දන්ට කුඩු පොවලා ටොන් ගාණක් සල්ලි හෙව්වා. වතාවක් එස්කොබාර්ම කියලා තියනවා තමන් බය වෙන එකම කෙනා ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝ කියලා.

මේ ගෑනි වයස 11දිම මිනීමරලා තියනවා. තරුණ කාලේ ගණිකාවක් විදිහට හිටපු මෙයා පස්සේ කාලෙක කොකේන් ව්‍යාපාරයේ රැජින වුණා. මාසෙකට ඩොලර් මිලියන 80ක් විතර හම්බ කළා. මිනිස්සු මරන්න, බෝම්බ ගහන්න මොකුත් කරන්න පැකිලුනේ නෑ. ස්වාමිපුරුෂයෝ තුන්දෙනෙක් හිටපු මෙයා ඒ තුන්දෙනාම මරලා දැම්මා. අන්තිමට 2012දී මෙයාත් මෙඩෙයින් නගරේදී වෙඩි කාලා මැරුණා.

ඉතින් මේ දිරිය මාතාව කළ සේවයට උපහාර පිණිස Netflix එකේ මහත්තුරු තීරණය කරනවා උන්දැ ගැන miniseries එකක් හදන්න. ඒ කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝගේ සැබෑ ජීවිතය මත පදනම් වුණු අපරාධ නාට්‍ය කොටස් කිහිපයක්. මේ කතා මාලාවේ ප්‍රධාන චරිතය වන ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝගේ භූමිකාව රඟන්නේ සොෆියා වර්ගරා.

මේ කතා මාලාව පළමුවෙන්ම Netflix එකේ තිරගත වුණේ 2024 ජනවාරි 25 වෙනිදා. මේකට මිනිස්සුන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන්ම සොෆියා වර්ගරාගේ රංගනය ගැන හොඳ ප්‍රශංසා ලැබුණා.

මේක Netflix එකේ තිරගත වුණ පළමු සතියේම රටවල් 90ක අංක එකේ තැනට ගියා. Netflix හි ගෝලීය සතිපතා ප්‍රමුඛතම කතා මාලා 10 (ඉංග්‍රීසි) ලැයිස්තුවේ අංක එකට ගියා.

බලන්න ග්‍රිසෙල්ඩා… කොච්චර සල්ලි හම්බ කෙරුවත්? කොච්චර බලය තියාන් හිටියත්? අන්තිමට ගෑනිට වෙන දේ?

ග්‍රිසෙල්ඩා අන්තිම හුස්ම හෙළන මොහොතේ හිතන්න ඇති… මගේ ජීවිතේ මොකක්ද ඉතුරු උනේ කියලා… මගේ දරුවෝ කෝ? මගේ සල්ලි වලින් මට මොකද උනේ? අන්තිමට මැරෙන්න වෙන්නෙත් තට්ට තනියම විඳවලා.

කුඩු විකුණලා, ඒ මුදල් වලින් සුඛපභෝගී ජීවිතයක් ගත කරන්න හිතන් ඉන්න අයට මම කියනවා… ඔයා යන මඟ වැරදියි. හෙට දවසේ ඔයාගේම දරුවත් මේ විෂ වලට ඇබ්බැහි වුණොත්? ඔයාගේම දරුවා පාරේ වැටිලා මැරෙනකොට ඔයාට දරාගන්න පුළුවන්ද? ඒ නිසා මේ වැරදි මාර්ගෙන් ඉවත් වෙන්න. තාම කල් තියෙද්දි හොඳ මගකට එන්න. ඔයාගේ දරුවන්ට, අම්මට තාත්තට ආඩම්බර වෙන්න පුළුවන් ජීවිතයක් ගත කරන්න. ඒකයි සැබෑ සතුට.

එහෙනම් සීරිස් එක බලන්න.

 

 

Griselda (2024) TV Series | Season 01 | Complete
Griselda (2024) TV Series | Season 01 | Complete
Griselda (2024) TV Series | Season 01 | Complete
Griselda (2024) TV Series | Season 01 | Complete
Griselda (2024) TV Series | Season 01 | Complete
Griselda (2024) TV Series | Season 01 | Complete
Griselda (2024) TV Series | Season 01 | Complete
Griselda (2024) TV Series | Season 01 | Complete
Griselda (2024) TV Series | Season 01 | Complete
Griselda (2024) TV Series | Season 01 | Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-06 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 7.304 340 votes
First air date Jan. 25, 2024
Last air date Jan. 25, 2024
Seasons S01 Complete
Average Duration tt15837600 minutes
Subtitles By
Country
Language

Video trailer

Similar titles

Study Group (2025) TV Season 01  Complete
W: Two Worlds Apart (2016) TV Series | Complate Season 01
The Railway Men – The Untold Story of Bhopal 1984 (2023) TV S01 Complete
Rookie Historian Goo Hae-Ryung TV Series |Complete | With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cobra Kai TV Series | Season  S01-06 Complete
My Man Is Cupid (2023) TV Season 01 Complete
Dark (TV Series 2017–2020) Complete S01-03 With Sinhala Subtitles
Gotham (2014) Season 01 With Sinhala Sub
Yeh Kaali Kaali Ankhein (2022) TV Series | S01 & S02 Complete
The Killing Vote (2023) TV S01 Complete
365: Repeat the Year (2020) TV Series | Season 01 Complete
Way Back Love (2025) TV Series | S01 | Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published