EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Ronth (2025) | “රාත්‍රී මුර සංචාර”

 

ELA VEEZHA POONCHIRA , NAYATTU , OFFICER ON DUTY , JOSEPH , නම් ටික ඇහුවත් සුපිරි පොලිස් ස්ටෝරි ටිකක් මතක් වෙනවා නේ , අද මේ ගේන ෆිල්ම් එකත් මේ කතා ලියපු කෙනාගෙ අලුත්ම එක , ඒ විතරක් නෙවෙයි එයාගෙම තමයි අධ්‍යක්ෂනයත් , මේ තමයි හිටපු පොලිස් නිලධාරීයෙක් වෙච්ච ශාහි කබීර්හෙ අලුත්ම ෆිල්ම් එක , RONTH , මිනිහා පොලිසියෙ හිටපු හින්දා පොලිස් කතා ලියන්න මිනිහට අමුතුවෙන් හිතන්න ඕන නෑ ජීවිත අත්දැකීම් ම ප්‍රමාණවත්

ඉතින් මේකෙදි රංගනයෙන් දායක වෙන්නෙ DILEESH POTHAN , ROSHAN MATHEW කියන දක්ශ මලයාලම් නලුවො දෙන්නා වටා , මේ දෙන්නා පොලිස් නිලධාරීන් , දෙන්නට නත්තල් දවස හින්දා රාත්‍රී මුර සංචාර කරන්න සිද්ධ වෙනවා , ඒ රෑ පුරා සිද්ධව්‍ර්න සිදුවීම් පෙලක් තමයි කතාවට පාදක වෙලා තියෙන්නෙ , මේ රෑ සිද්ධවුන හැම එකක්ම අහඹු සිදුවීම් උනත් එකකට එකක් සම්බන්ධ වෙනවා ,

කතාව ගැන මම කියන්න යන්නෑ පොලිස් ත්‍රිලර් කතාවක් හින්දා

Comments