CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1779 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 01, 2025USA134 Min.
Your rating: 0
8.2 90 votes
Jurassic World Rebirth (2025) | මිනිසා වෙනුවෙන් දැවැන්තයන් සොයා යාම

 

2008 අවුරුද්දේ පර්යේෂණ කණ්ඩායමක් විසින් ජාන විකෘති කිරීම් ද සහිතව අලුත් ඩයිනෝසර විශේෂ බිහි කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යනවා. මේකේ ඵලයක් විදිහට Distortus Rex කියන අති බිහිසුණු විකෘති ඩයිනෝසරයා නිර්මාණය වීම සිද්ධ වෙනවා.

 

Distortus Rex ගැන කෙටි හැඳින්වීමක්

මේ මධ්‍යස්ථානයේ සිදුවන යම් සිද්ධියකට පස්සේ 2025 අවුරුද්දේ මාටින් ක්‍රෙබ්ස් (Rupert Friend) කියන ඖෂධ සමාගමක විධායකවරයෙක් සෝරා බෙනට් (Scarlett Johansson) කියන හිටපු හමුදා නිලධාරිනියව හමු වෙනවා ලොකු උදව්වක් බලාගෙන. ඒ Île Saint-Hubert දූපතට ගිහින් ඩයිනෝසර විශේෂ වල ලේ සාම්පල ලබා ගන්න. මේ සාම්පල කිරීටක ධමනිය හා සම්බන්ධ හදවත් රෝගයකට ඖෂධයක් හදන්න තමයි එයා පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ලේ සාම්පල ලබා ගැනීම සඳහා හොඳම ඩයිනෝසර විශේෂ තුනක් ඉන්නවා කියලා ගමනට එකතු වෙන හෙන්රි ලූමිස් (Jonathan Bailey) කියනවා. ඒ උපදෙස් අනුව මේ තුන් දෙනා Île Saint-Hubert දූපතට ගිහින් කරන වික්රමාන්විතය තමයි සරලව මේ කතාව තුලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ.

ඉහත කියපු චරිත වලට අතිරේකව ඩන්කන් කින්කේඩ් (Mahershala Ali), සහ තවත් නළු නිළියන් කිහිප දෙනෙකු මේ කතාවේ සැලකිය යුතු කාලයක් රංගනයේ යෙදෙනවා.

කතාව සම්බන්ධයෙන් හොඳ නරක කවලමේ අහන්න ලැබෙනවා. කතාවේ ඇති සරල බව, Distortus Rex වැඩිපුර දකින්න නොලැබීම කියන කාරණා දෙක තමයි වැඩි දෙනාගේ අකමැත්තට හේතු වෙන්නේ. හැබැයි ගොඩක් අය (මමත් ඇතුළුව) මීට කලින් ආපු Jurassic World: Dominion (2022) චිත්‍රපටයට වඩා නම් මේකට හොඳ කියනවා.

සුපුරුදු විදිහට Universal Pictures සමාගමත් Amblin Entertainment සමාගමත් එකතු වෙලා කරපු මේ නිර්මාණය පැය දෙකකුත් විනාඩි 13 කට ආසන්න වෙලාවක් ධාවනය වෙනවා. IMDb අගය 6.2 ක් වගේම Rotten Tomatoes අගය 51% ක් එකකුත් මේ වෙනකොට ලබාගෙන තිබෙන මෙය Action/Sci-fi කාණ්ඩ වලට තමයි වැටෙන්නේ.

ලේ සාම්පල වලට තෝරා ගන්නා ඩයිනෝසරයන්

Mosasaurus

මියුස් විලේ කටුස්සා (lizard of the Meuse River) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Mosasaurus මම කලින් කිව්වා වගේ කරලියට ආවේ Jurassic World පළමු චිත්‍රපටය හරහායි. මීට අවුරුදු මිලියන 82 ත් 66 ත් අතර කාලයකට පෙර ජීවත් උන මේ මාංශ භක්ෂක සත්වයා බරින් ආසන්න වශයෙන් කිලෝ 10,000 ක් පමණ වෙනවා.

Titanosaurus

අති විශාල කටුස්සා (titanic lizard) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Titanosaurus ශාක භක්ෂක සත්වයෙක්. මෙයා ජීවත් උනේ මීට අවුරුදු මිලියන 145 ත් 66 ත් අතර කාලයකට පෙරයි. බරින් ආසන්න වශයෙන් කිලෝ 13,000 ක් පමණ වෙනවා. ඉතා දිගු වලිගයකට හිමිකම් කියයි.

Quetzalcoatlus

පිහාටු ඇති සර්ප දෙවියා (feathered serpent god) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Quetzalcoatlus, පක්ෂී ගණයට අයත් මාංශ භක්ෂක ඩයිනෝසරයෙක් වන මෙයා නම් සාපේක්ෂව වැඩිය බර නැහැ. ඒ කියන්නේ කිලෝ 200 ත් 250 ත් අතර බරක් තමයි මෙයාට තියෙන්නේ. ජීවත් උනේ මීට අවුරුදු මිලියන 72 ත් 66 ත් අතර කාලයකට පෙරයි.

Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චාමිකර විදානගේ (Baiscopelk)
IMDb 6.2 /10 73,399 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Scarlett Johansson isZora Bennett
Zora Bennett
Jonathan Bailey isDr. Henry Loomis
Dr. Henry Loomis
Mahershala Ali isDuncan Kincaid
Duncan Kincaid
Rupert Friend isMartin Krebs
Martin Krebs
Manuel Garcia-Rulfo isReuben Delgado
Reuben Delgado
Luna Blaise isTeresa Delgado
Teresa Delgado
David Iacono isXavier Dobbs
Xavier Dobbs
Audrina Miranda isIsabella Delgado
Isabella Delgado

Similar titles

Enthiran (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sherlock Holmes (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Under Your Bed (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Baaghi 4 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman Returns (1992) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Prisoners of the Ghostland (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nidarr (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raja the Great (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chirutha (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
London Has Fallen (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fast and the Furious (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan August 31, 2025 Reply

    🤩

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published