EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
My Oxford Year (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Emma Thomas, Iain Morris, Teresa Orlando, Tom Edmondson
Cast
Go Full Cast PageMy Oxford Year (2025) | එක් වසරක්, එක් නගරයක්, සියල්ල වෙනස් කළ එක් හමුවීමක්
වසරේ ආදරණීය සිනමා අත්දැකීමක් ලෙස 2025 වසරේ අගෝස්තු පලවෙනිදා සිට Netflix ඔස්සේ අප වෙත සමීප වන “My Oxford Year” චිත්‍රපටය , හුදෙක් තවත් එක් ආදර කතාවක් නොවේ. එය බලාපොරොත්තු, සිහින සහ ජීවිතයේ අනපේක්ෂිත හැරවුම් ලක්ෂ්‍යයන් පිළිබඳව අපව නැවත සිතන්නට පොළඹවන සිනමාපටයකි.
“My Oxford Year” චිත්‍රපටය දිගහැරෙන්නේ සිය ජීවිතය පිලිබඳව පැහැදිලි සැලැස්මක් ඇති, අධිෂ්ඨානශීලී ඇමරිකානු තරුණියක් වන ඇනා වටාය. ඇයගේ ලොකුම සිහිනය වන්නේ ලෝක ප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමයි. එම සිහිනය සැබෑ කරගනිමින් ඇය එංගලන්තයට පැමිණෙන්නේ සිය අනාගතය පිලිබඳව බොහෝ බලාපොරොත්තු පොදි බැඳගෙනය.
ඇයගේ සැලැස්ම වූයේ අධ්‍යාපනය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම වුවද, දෛවය ඇයට වෙනත් සැලැස්මක් සූදානම් කර තිබිණි. ඔක්ස්ෆර්ඩ්හිදී ඇයට අතිශයින්ම ආකර්ෂණීය, බුද්ධිමත් මෙන්ම විනෝදකාමී තරුණයෙකු මුණගැසෙයි. මෙම හමුවීමත් සමඟ ඇනාගේ පිළිවෙළකට සකස් කර තිබූ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් මාවතකට යොමු වේ.
චිත්‍රපටය පුරා අපට දැකගත හැකි වන්නේ, තම අරමුණු සහ අනපේක්ෂිත ලෙස හදවතට සමීප වන ආදරය අතර ඇනා දෝලනය වන ආකාරයයි. ඇය සිය ජීවිත කාලය පුරාම දුටු සිහිනය හඹා යනු ඇත්ද? නැතහොත් මේ හදිසියේ පැමිණි ආදරයට ඇගේ ජීවිතයේ ඉඩ ලබා දෙනු ඇත්ද?
“Purple Hearts” චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් සෝෆියා කාසන් (Sofia Carson) ඇනා ලෙසත්, “Queen Charlotte: A Bridgerton Story” හි රංගනයෙන් ජනප්‍රිය වූ කෝරි මයිල්ක්‍රීස්ට් (Corey Mylchreest) ඇයගේ හදවත සොරාගන්නා තරුණයා ලෙසත් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. , එය හුදෙක් ආදර කතාවක් පමණක්ම නොවේ. එය ජීවිතයේ අනපේක්ෂිත බව, තෝරාගැනීම් සහ සැබෑ සතුට යනු කුමක්දැයි අපට මතක් කර දෙන සංවේදී සිනමා අත්දැකීමකි.
IMDB 6.1 අගයක් සලකුණු කල My Oxford Year චිත්‍රපටය, මනරම් ඔක්ස්ෆර්ඩ් නගරයේ හා ඔක්සෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දර්ශන තල පසුබිම් කරගත් මෙම චිත්‍රපටය, ආදරය සහ විනෝදය පමණක් නොව, ජීවිතයේ ගැඹුරු පාඩම් ද ප්‍රේක්ෂකයාට තිළිණ කරනු ඇත. ඔබ ආදර කතා රසිකයෙක් නම්, මෙය ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයකි. කතාවේ ඉදිරිය කුමක් වේදැයි කුතුහලයෙන් යුතුව බලා සිටීමට සලස්වන “My Oxford Year”, ඔබේ සිනමා මතකයන් අතර සුවිශේෂී ස්ථානයක් හිමි කරගනු නොඅනුමානයි












