EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageGhost Killer (2024) | “භූත ඝාතකයා”
🎬 කතා සාරාංශය (Story Summary):
හරි හරි, වැඩිය කතා ඕන නෑ… 😉 අද ගෙනාවේ නම් ටිකක් විතර වෙනස් ජාතියේ එකක්. Action, Crime එක්ක පොඩ්ඩක් හොල්මන් සීන් එහෙමත් සෙට් වෙන කෙනෙක් නම්, ෆෝන් එක සයිලන්ට් කරලා මේ පැත්තට එන්නකෝ… 😅
කතාවේ ඉන්නවා ෆුමිකා මට්සුවෝකා කියලා කොලේජ් යන සාමාන්‍ය කෙල්ලෙක්. හැබැයි ඉතින් මෙයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙන්නේ දවසක් මෙයාගේ ඇඟට හොල්මනක් ආරූඪ වුණාට පස්සෙයි. ඒවගේ මේවගේ හොල්මනක් නෙවෙයි හොඳේ… 😠 පලිගන්න බලාගෙන ඉන්න ‘කූඩෝ’ කියලා නමක් ගිය හිට් මෑන් කෙනෙක්ගේ ආත්මයක්! ඉතින් මළවුන්ගේ ලෝකේ ඉඳන් තමන්ගේ පලිය ගන්න බැරි තැන, කූඩෝ තෝරගන්නේ ෆුමිකාගේ ශරීරය. 😈 දැන් ඉතින් අහිංසක කොලේජ් කෙල්ලට සිද්ධ වෙනවා, දරුණු ඝාතකයෙක්ගේ පලිගැනීමේ මෙහෙයුමට උදව් කරන්න. එතනින් එහාට වෙන දේවල් ඔයාලම බලන්නකෝ…
✍️ උපසිරැසියට ජීවය දුන් මගේ අදහස (My Opinion as the Subtitler):
මේ චිත්‍රපටියට උපසිරැසි ගන්වපු කෙනෙක් විදියට මට නම් මේක ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි… ඇත්තටම මේක Action, Crime, Horror කියන වර්ග තුනම නියමෙට බැලන්ස් කරපු ෆිල්ම් එකක්. ⚖️ හොල්මනක් ඇඟට වැහිලා මිනී මරණ කතා අපි දැකලා තිබුණට, පළිගන්න ආපු ‘හිට් මෑන්’ හොල්මනක් කියන අදහස නම් පට්ට! 🔥 Action දර්ශන ටිකයි, කූඩෝගේ අතීතය හෙළිවෙනකොට දැනෙන කුතුහලයයි නිසා එක තත්පරයක්වත් කම්මැලි වෙන්නෙ නෑ. වෙනස්ම විදියේ කතාවක් බලන්න ආස කෙනෙක්ට නම් මේක අනිවාර්යයෙන්ම නිර්දේශ කරනවා. 💯
👨👩👧👦 දැනුම් දීම (Audience Guidance):
මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු නිර්මාණයකි. 🔞🔥











