EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Bad Guys 2 (2025) | “රත්තරන්”
අලුත්ම ඇනිමේෂන් ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. මේ 2022 අවුරුද්දේ නිකුත්වුණු The Bad Guys චිත්‍රපටියේ සීක්වල් එකවෙන අලුත්ම The Bad Guys 2 (2025).
The Bad Guys කියන්නේ ඔස්ට්‍රේලියානු රචකයෙක් වෙන Aaron Blabey ලියපු ළමා කතන්දර පොත් සීරිස් එකක්. ඒක පාදක කරගෙන තමයි DreamWorks Animatio ආයතනය මේ ඇනිමේෂන් චිත්‍රපට නිර් මාණය කරන්නේ.
Family/Comedy ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Pierre Perifel. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 44ක් වෙනවා වගේම බෙදාහරින්නේ Universal Pictures ආයතයනය. ඩො.මි. 80කට ආසන්න වියදමින් නිර්මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 127කට ආසන්න ආදායමක් අරන් තියෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට හඬ දායකත්වය දෙන්නේ Sam Rockwell, Marc Maron, Awkwafina, Craig Robinson, Anthony Ramos ඇතුළු ශිල්පීන් පිරිසක්.හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.
හැබැයි චිත්‍රපටිය පලවෙනි එක වගේම සුපිරියට තියෙනවා කියලා නම් කියන්න ඕන.












