EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Soothravakyam (2025) | පොලිස් සමීකරණ

 

මෙන්න තවත් අලුත් මලයාලියක්.මේකත්  family comedy suspense thriller එකක්. සාමාන්‍යයෙන් බැලුවට කමක් නෑ කියල හිතෙන සරල චිත්‍රපටයක්. ශයින් ටොම් චාකෝ කියන්නෙත් තමන්ටම කියල තියෙන ආවේණික ශෛලියකින් රඟපාන ජනප්‍රිය නළුවෙක්. මෑතකදි දරණු රිය අනතුරකට ලක් වෙලා ජීවිතය බේරුණත් එයාගෙ තාත්තා ඒකෙන් මිය යනවා. බොහෝ විට අපි ඔහුව දූෂිත පොලිස් චරිත හරහා දැක්කට පහු ගිය කාලෙ ඔහු සුන්දර චරිත කීපයකටම දායක උනා. එතකොට මේකෙදි ඔහු සුන්දර පොලිස් කාරයෙක් වෙනවා. ඒ සමග වින්සි ඇලෝසියස්, දීපක් පරම්බොල් රඟපාන මෙය ජෝස් චිරම්මෙල්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂනය.

ඉතිං කතාව පැත්තට යොමු උනොත් මෙතන කතාව යන්නෙ මලයාලි පොලිසියක. නිකම් අපි දකින පොලිසියක් නෙමෙයි. කලින් කිව්ව වගේ සුන්දර පොලිස් කාරයො ඉන්න පොලිසියක්. ඒකෙ බොස් තමයි චාකෝ. පොලිස් රාජකාරියට අමතරව එයා 11 පන්තිවල සිසුන්ට නොමිළේ ගණිතය පන්ති කරන ආදරණීය ගුරුවරයෙක්. ඒක කරන්නෙත් පොලිසියේමයි. ඉතිං ඒ නිසයි පොලිසිය සුන්දර තැනක් වෙන්නෙ. එහෙම තියෙද්දිත් එයාට එක්තරා අභිරහසක් විසඳන්න වෙනවා. ඒක තමයි කතාව

ඔබත් චාකෝ රසිකයෙක් නම් මේක බලන්න.

Comments