EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Lords of Discipline (1983) | “විනයේ ස්වාමියා”

 

අද අරන් ආවෙි ටිකක් පරණ චිත්‍රපටයක්.
පරණ වුනාට හොද හමුදා කඳවුරක චිත්‍රපටියක්.
මෙය 1983දී නිකුත් වූ නාවික/යුද්ධ පාසැල් පාදක කරගත් නාට්‍යමය චිත්‍රපටයක්. “Pat Conroy” ලියා තිබෙන 1980 නවකතාවේ (novel) පදනමෙන් තනන ලද්දක්.
කථා වස්තුවේ මූලික අරමුණ වෙන්නේ ඇමරිකාවේ දකුණු ප්‍රදේශයක ඇති යුද්ධ පාසලක සිසුන්ගේ ජීවිතය, එහි දරුණු තරගකාරකත්වය, ආකෘතිමය විනය (discipline), සහ ජාතිවාදය (racism) යනාදිය පිළිබඳවයි.මෙය IMDB 6.6 /10 හොද අගයක් අරන් තියෙනවා.

කතාව ගැන කිවිවොත්
ප්‍රධාන චරිතය, විල් මැකලීන්, කැරොලිනා මිලිටරි ආයතනයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක්.ඔහු “ද ටෙන්” නම් රහසිගත සමාජයකගේ හිංසාකාරී ක්‍රියාවන්ට එරෙහිව සටන් කරයි. මෙම සමාජය ශිෂ්‍යයින්ට බලපෑම් කරමින් ඔවුන්ට සැලකීම් කරයි. විල්, ආයතනයේ ආචාර ධර්ම හා යුක්තිය ආරක්ෂා කිරීමට උත්සාහ කරන අතර, විශේෂයෙන්ම පළමු අළුත බඳවා ගත් ටොම් පියර්ස්ට ආරක්ෂාව සපයයි.
චිත්‍රපටය යුද හමුදා පාසලක ආචාර ධර්ම, ගෞරවය, මිත්‍රත්වය, බලහත්කාරකම් සහ ජාතිවාදය වැනි තේමා ගවේෂණය කරයි. ඩේවිඩ් කීත්, රොබට් මිචම්, සහ මාක් බ්‍රෙට් රඟපාන අතර, ෆ්‍රෑන්ක් රොඩි එය අධ්‍යක්ෂණය කරයි.

Comments