EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Gevi (2025) | “ගෙවි ගම්මාන”

 

මේ චිත්‍රපටය ගැන කෙටියෙන් කිව්වොත් මීට අවුරුදු 800කට විතර කලින් මදුරෙයි පාලනය කල සුල්තාන් ජනතාවට එරෙහිව දැඩි බදු පැනවීම නිසා ජිවිකාව ගෙන යාම අසීරු විය.මේ නිසා මොවුන් කදුකර ප්‍රදේශවලට සංක්‍රමණය විය.මෙහිදී සාදාගත් කුඩා ගම්මාන ගෙවි නමින් හැදින්විය.

මේ කතාවේ කියන්නේ කොඩයිකාල් නම් දුශ්කර ගම්මානයක මන්දාරායි සහ මලයියන්ගේ කතාවයි.ඉතා දුශ්කර ජීවිකාවක් ගත කරන මොවුන් ආදරය පැවැත්ම හා රජයේ උදාසීනත්වය ගැන මෙන්ම ප්‍රජාවේ දූශනයට එරෙහිව සටන් කරයි.

මේ film එක ඉතාම ලස්සන දුක්බර කතාවක්.මිනිස්සුන්ගේ දුශ්කරතා මැනවින් විදහා දක්වයි.ආසාවෙන් බලන්න පුලුවන් ලස්සන කතාවක්.

ඉතිං ආයමත් අලුත් ෆිල්ම් එකකින් මුනගැහෙනකම් හැමෝටම සුබ දවසක්

ගෙවී යනු 2025 දී තිරගත වූ ඉන්දියානු දෙමළ භාෂා ක්‍රියාදාම නාට්‍ය චිත්‍රපටයක් වන අතර එය දෙමළ ධයාලන් විසින් අධ්‍යක්ෂණය කරන ලදී. ආර්ටප්ට්‍රියංගල්ස් ෆිල්ම් කම්පානි යටතේ පෙරුමාල් ගෝවින්ද්සාමි සහ ජගන් ජය සූර්යා විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ ෂීලා රාජ්කුමාර්, ජැක්ලින් ලිඩියා සහ ආධවන් එම් ප්‍රධාන චරිත නිරූපණය කරති. විවේක් මෝහන් සහ ජීව සුබ්‍රමනියම් සහාය චරිත නිරූපණය කරති. එය 2025 ජූලි 18 වන දින සිනමාහල්වල නිකුත් කරන ලදී

Comments