EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageදරුවෙක් වෙනුවෙන් දිවි පරදුවට
2025 මැයි 08 දින රිදී තිරයටත්, 2025 ජුලි 11 ඩිජිටල් මාධ්‍යයටත් මුදාහැරුණු සොම්බි වර්ගයේ නවසීලන්ත නිර්මාණයක් තමයි Forgive Us All. මේක සොම්බි නිර්මාණයක් වුනත් සොම්බිලා, එහෙම නැත්නම් ආසාදනය වුනු අය පෙන්වන්නෙ කීප අවස්ථාවක විතරයි. මිනිසුන් මිනීමස් කන සොම්බිලා බවට පත්වෙන වයිරසයක් ලොව පුරා පැතිරෙන වකවානුවක් පසුබිම් කරගෙන තමයි කතාව යන්නෙ. රජය විසින් ඇතිකල කඳවුරුවල තමයි නීරෝගී ජනතාව ජීවත් වෙන්නෙ. හැමෝම කඳවුරුවලට අනිවාරෙන් යා යුතුයි. ඒකයි රජයේ නීතිය. ඒත් ඒවායේ හිරකාරයෝ වගේ ජීවත් වෙනවට වඩා නිදහස අගය කරන පිරිස් හුදෙකලා ප්‍රදේශ වල සැඟවී ජීවත් වෙනවා. ඒ වගේ දෙන්නෙක් තමයි රෝරි සහ ඔටෝ. රෝරිගෙ සැමියා සහ කුඩා දියණිය ආසාදනය වෙලා මිය ගිහින්. ඔටෝ කියන්නෙ ඇගේ සැමියාගෙ පියා. මෙසේ සැඟවී සිටින්නන් සොයා රජයේ නියෝජිතයන් නිරන්තරයෙන් සෝදිසි කිරීම්වල යෙදෙන තත්ත්වයක් යටතේ දවසක් රෝරි දකිනවා ගඟ අයිනේ වෙඩි වැදුනු තුවාල සහිතව සිහිසුන්ව සිටින අසරුවෙක්. ඇය ඔහුව නිවසට අරන් එනවා. ඔහු නෝවා. නමුත් ඇය නොදන්න දේ තමයි, ඔහුට වෙඩි තැබූ, කුරිරු නිලධාරියෙක් වන ලෝගන්ගේ නායකත්වයෙන් යුතු රජයේ නියෝජිතයන් පිරිසක් නෝවා පස්සෙන් එන බව. මේ නෝවා කවුද? නියෝජිතයන් ඔහු පස්සෙ එන්නේ ඇයි?












